
( ප්‍රසංග පෙරේරා)
රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර් ගබඩා සංකීර්ණයේදී අද (30) වෙළද පොළට නිකුත් කරනු ලැබීය.
මෙරට බේකරි නිෂ්පාදකයින් අතර මෙම බිත්තර තොගය බෙදාහැරීම සිදු කළ අතර සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙලෙස බිත්තර ලක්ෂ 10 ක් එකක් රුපියල් 35/= ක මිලකට බේකරි හිමියන්ට ලබා දුන් බවයි.
ඉන්දියාවේ සිට ගෙන්වු මෙම බිත්තර තොගය මෙරට අදාළ සියළුම රජයේ ආයතන වල අනුමැතියන් ට යටත්ව ගෙනවා තිබෙන බවද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බෙකරි හිමියන් හට අලවිකරණු ලැබූ මෙම බිත්තර වල නිශ්පාදිත දිනය ලෙස බිත්තරයේ 2023/03/18 දිනය සටහන්ව තිබු අතර එහි කල් ඉකුත් වන දිනය ලෙස 2023/06/15 දිනය සටහන්ව තිබිණි. දැන් ශ්‍රි ලංකාවේ බිත්තර නිශ්පාදකයින්ද තරගකාරී මිලකට බිත්තර අලෙවි කිරීම ආරම්භ කළ යුතු බව පැවසූ සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති වරයා ඉදිරියේදී මෙරට බේකරි, හොටල් හා ආපන ශාලා වලට බිත්තර ආනයනය කරන බවද ප්‍රකාශ කර සිටියහ.
ඒ අනුව ඉදිරියේදී බේකරි නිශ්පාදන වල මිල අඩු කිරීමේ හැකියාව ඇති බවද ඒ මහතා පැවසීය. පාරිභොගිකයින් වෙනුවෙන් මෙලෙස කටයුතු කල වෙළද හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් ට ස්තූති පුද කර සිටින බවද එන්. කේ. ජයවර්ධන මහතා සදහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් 16ට ගෙනල්ලාද අපිට 35ට දෙන්නේ? යසයි වැඩේ.
මොනවා කළත් සෑහීමකට පත් නොවන එකම ජාතිය සිංහලයින්... මොවුන් ඉල්ලන්නේ නිකන් පිනට වෙන්න ඇති...
ටයි, කෝට් දාගෙන මේ වගේ වැඩ කරන්න එපා...
රට සහ ජනතාව අපහසුතාවයට පත්ව සිටින මොහොතක බොර දියේ මාළු බාගන්න මාන බලන කුකුල් කොටු කාරයින් මට්ටු කිරීම පිණිස මෙවන් ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව රජයට ස්තූතියි. බිත්තර පාලන මිල සම්බන්ධයෙන්ද වැටලීම් දැඩිකළ යුතුයි...