IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉන්දියාවේ සංක්‍රමණික සේවකයින් ගේන්න දුම්රියක් යවයි

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පැනවූ ලොක්ඩවුන් සීමාවලින් පසු සංක්‍රමණික සේවකයන් ගෙන්වා ගැනීම සඳහා පළමු වරට දුම්රියක් ධාවනය කිරීමට ඉන්දීය බලධාරීහු අද  (01) පියවර ගත්හ.
 
රටටම බලපැවැත්වෙන පරිදි පැනවූ ලොක්ඩවුන් සීමා හේතුවෙන් ඉන්දියාවේ සංක්‍රමණික සේවකයන් මිලියන ගණනක් විවිධ ස්ථානවල කොටු වූ අතර තවත් දස දහස් ගණනක් සිය ගම්බිම් බලා ඇවිද ගියහ. රටම වසා දැමීමේ ලොක්ඩවුන් සීමා හේතුවෙන් ඉන්දියාවේ මිලියන ගණනක් පීඩාවලට පත්වූ අතර කුසගින්නේ මියයෑමේ අවදානමකට ද පත්වූහ.
 
1,200කට ආසන්න පිරිසක් මෙම පළමු දුම්රියට සිනා මුසු මුහුණින් ගොඩ වූ අතර දුම්රියට ගොඩවූ අවස්ථාවේදී ඔවුහු අත්පොළසන් දුන්හ. තෙලාන්ඟනා ප්‍රාන්තයේ ලිංඟම්පාලි වෙතින් මෙම දුම්රිය ගමන් ඇරැඹීමට නියමිතව තිබූ අතර එය ජාර්කාන්ද් ප්‍රාන්තයේ හටියා වෙත ගමන් කිරීමට නියමිතය. 
 
එය පැය 19ක දුම්රිය ගමනකි. තෙලන්ඟානා යනු ඉන්දියාවේ දකුණු දෙසට වන්නට පිහිටි ප්‍රාන්තයකි. ජාර්කාන්ද් යනු නැගෙනහිර පෙදෙසේ ප්‍රාන්තයකි.
 
ලොව විශාලම දුම්රිය පද්ධතිවලින් එකක් වන ඉන්දියාවේ දුම්රිය සේවාව කොරෝනා වයිරසය හේතුවෙන් නවතා දමා ඇත. මෙම දුම්රිය විශේෂිත දුම්රියක් බවත් දුම්රිය සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණය ඉදිරියේදී ගන්නා බවත් බලධාරීහු කීහ.
 
අල්ජසීරා
ඡායාරූපය – .පී.


(055) 



අදහස් (0)

ඉන්දියාවේ සංක්‍රමණික සේවකයින් ගේන්න දුම්රියක් යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 745 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site