
ගුජරාටයේ වඩෝදර ප්‍රදේශයේ මහිසාගර් ගඟ හරහා ඉදිකර තිබූ පාලමක් කඩා වැටීමෙන් එම පාලම හරහා ගමන් ගත් වාහන ගඟට වැටීමෙන් දස දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාලම කඩා වැටීමෙන් මියගිය සෑම අයකුගේම ළඟම ඥාතීනට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය X සමාජ මාධ්‍ය (ටිවිටර්) හරහා ප්‍රකාශ කරල අතර ඒ සම්බන්ධයෙන් බලවත් කනගාටුව ද ප්‍රකාශ කර සිටියේය.
පූනෙහි ඉන්ද්‍රයානි ගඟ හරහා ඉදිකර තිබූ පාලමක් පසුගිය මාසයේදීද කඩා වැටීමෙන් කීප දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්දි දීලා වැඩක් තියෙනවද? තත්ව සහතික නැතුව හදලා මිනිස්සු මැරුණාම...