
(අංජුල මහික වීරරත්න)
ඉන්දියා සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී WION ගෝලීය සමුළුව අමතමිනි.
අප හමුවන්නේ ගෝලීය පද්ධතිය ප්‍රබල පරිවර්තනයකට භාජනය වෙමින් පවතින මොහොතකදීය. වෙළෙඳ මාර්ග අවහිර වෙමින් පවතිනවා. තාක්ෂණික තරඟකාරීත්වය ජාතීන් අතර බලතුලනය නැවත හැඩගස්වමින් සිටිනවා. එමෙන්ම ලොව විවිධ කලාප වල යුද්ධ දිගින් දිගටම ඇවිලෙමින් තියෙනවා.
අප දැන් පිවිසෙමින් සිටින්නේ භූගෝලීය පිහිටීම නැවතත් තීරණාත්මක වන, හවුල් සහ විචල්‍ය බලතුලනයක් යුත් ලෝකයකට ය. කලක් දුරස්ථ හෝ ද්විතීයික ලෙස සැලකූ උපායමාර්ගික කලාප දැන් ගෝලීය දේශපාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබේ. ඉන් එක් කලාපයක් වන්නේ ඉන්දියන් සාගරයයි යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු හොර පෙරකදෝරුවා පොරක් වෙන්න හදනවා...
මැස්සෙක් ගිය උඩක්...
ඔහොම කිව්වාට අපේ රට මුහුදු මංකොල්ලකාරයින් විසින් කී සැරයක් අල්ලා ගත්තා ද? අද ඔය 10% ක් විතර ඉන්නේ ඒ ගොල්ලන්ගේ පස්සේ ගිය අය තමයි. නියම සිංහලයින් කවදාවත් හොරා කෑවේ නෑ.. අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නෑ.. බණක්, භාවනාවක් කරගෙන තේජවන්ත විදිහට ජීවත් වුණු ජාතියක් හිටපු රටක්, අදත් 75%ක් විතර ජනතාවක් එහෙම ඉන්නවා...