(විමුක්ති එස් රුද්‍රිගු)
ව්‍යාජ ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.
ඔවුන් එම ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කර ඇත. එම ව්‍යාජ බලපත්‍ර වල චෙන්නායි නගරයේ ලිපිනයක් සඳහන් ව තිබූ බවත් එම කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණීමට සංචාරක වීසා ලබා ගෙන තිබූ බවත් ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
46 හැවිරිදි ගංගා සහ 22 හැවිරිදි සොර්ණකලා නම් මෙම කාන්තාවන් දෙදෙනා වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සිට සංචාරක වීසා මත චෙන්නායි නගරයට පැමිණ නැවත ශ්‍රී ලංකාව වෙත නොගොස් චෙන්නායි නගරයේ රැඳී සිට ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බවත් ඔවුන් තුන්වෙනි පාර්ශ්වයකට මුදල් ගෙවා මෙම ව්‍යාජ ගමන් බලපත්‍ර දෙක ලබාගෙන ඇතැයි ගුවන් තොටුපොළ බලධාරීන් පවසා ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්දියානු ව්‍යාජ ගමන් බලපත් සමඟ ලාංකික කතුන් 2ක් දැලේ