
(යොහාන් භාසුර)
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීමට නියමිත සහල් මෙට්‍රික්ටොන් 40,000 ක මෙට්‍රික්ටොන් 11,000 ක පළමු සහල් තොගය රැගත් නෞකාව අද (12) පස්වරුවේ කොළඹ වරායට ළඟා විය.
මෙම සහල් තොගයේ නාඩු සහල් ටොන් 7,000 ක්, සම්බා සහල් ටොන් 2,000 ක් සහ කැකුළු සහල් ටොන් 2,000 ක් ඇතුළත් බවත් එම සහල් ලංකා සතොස අලෙවි ශාඛා සහ සමූපකාර ප්‍රාදේශික හරහා සම්බා සහල් කිලෝවක් රුපියල් 130 කට, නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 බැගින් අළෙවි කරන බවත් වෙළෙඳ අමාත්‍යංශය පවසයි.
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ මෙම සහල් තොගය, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ඇතුළු වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයන්ට භාරදුන්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාබනික සහල්.දෙයියන්ගේ හාල් කැවිල කරපු කාබනික විගඩමේ ප්‍රතිඵලය. මේ සල්ලි වලට පොහොර දුන්න නම් අද රටේ ප්‍රශ්න භාගයක් නෑ. මෝඩ ස ගේ අනාගත්ත තීරණ.