IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය සිනමාව ගැන වැඩමුළුවක්

ඉන්දියානු සිනමාව පිළිබඳ වැඩමුළුවක් කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා සහභාගී විය.

නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අතර කන්නඩ සිනමාවේ අධ්‍යක්ෂකවරයකු, නළුවකු, තිර රචකයකු සහ ගීත රචකයකු වන ආචාර්ය නාගතිහල්ලි චන්ද්‍රශේකරන් ප්‍රමුඛ දූත පිරිස සහභාගී වූහ.

නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදි අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. 

“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරෙන මොහොතක, අප මෙම වැඩමුළුව පැවැත්වීම ඇත්තෙන්ම කාලෝචිතයි.

මෙම වැඩමුළුව ජනතාව සමඟ ඇති බැඳීම් ගැඹුරු කිරීමට වඩාත් දායක වනු ඇතැයි ද එසේ වේවා කියා ප්‍රාර්ථනා කළේය.

සෑම වසරකම, ඉන්දියාවේ චිත්‍රපට 2000කට වඩා නිෂ්පාදනය වෙනවා. 2011 වසරේ අලෙවි වූ මුළු සිනමා ප්‍රවේශපත්‍ර ප්‍රමාණය බිලියන 3.5 කි.

ඉන්දීය සිනමාවේ ඉතිහාසය වසර 100කට වඩා පැරණිය. පුරෝගාමී චිත්‍රපට නිෂ්පාදකයා වූයේ ඉන්දීය සිනමාවේ පියා ලෙස හැඳින්වෙන දඩසාහෙබ් ෆාල්කේ විසිනි. 1913 මැයි 3 වැනි දින රාජා හරිශ්චන්ද්‍ර නමින් ප්‍රථම පූර්ණ දිග නිහඬ චිත්‍රපටය ඉන්දියාවට ලබා දුන්නේය. මෙම දිගු ගමන හරහා ඉන්දියානු සිනමාව ඉන්දියානු සමාජය පොහොසත් කර ඇත.

චිත්‍රපට ජාතිකවාදය, කාන්තා හා ළමා අයිතිවාසිකම්, කුලය, ආගම, පන්තිය සහ ඒ හා සමාන ප්‍රශ්න විසඳා ඇතැයි ඔහු පැවැසීය.



අදහස් (0)

ඉන්දීය සිනමාව ගැන වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site