ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස මෙරට සංචාරය කරන අතර සංචාරය අතරතුරේ දී බිම්ස්ටෙක් අමාත්‍ය මට්ටමේ හමුවමට සහභාගී වීමට නියමිත ය. එම හමුව මාර්තු මස 29 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ය.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර ඉන්දීය විදේශ අමාත්‍යවරයා මාර්තු මස 26 සහ 27 දෙදින මාලදිවයිනේ සංචාරය කිරීමට නියමිත ය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී ඉන්දියාවේ සංචාරය කළ අතර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පසුගිය පෙබරවාරි මාසයේ දී ඉන්දියාවේ සංචාරය කළේ ය.
එහි දිගුවක් ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට සංචාරය කරන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ ජපානේ... මෙහෙ ඉන්න ඉන්දියන්, චීන සෙට් එක මට වැඳගෙන ඉන්නේ... නමුත් අපිට ලංකාවට ඇවිත් ඉන්දියන්, චීන කාරයින්ට වඳින්නයි වෙන්නේ...
නමුත් සත්‍ය වශයෙන්ම ද්‍රවිඩ දේශපාලන නායකයන් හට පවා යතාර්ථය අවබෝධ වී නොමැති බවක් පෙනෙන්නට තිබේ. ද්‍රවිඩ දේශපාලන නායකයින් කළයුතු වූයේ පළමුව රජයෙන් මුදල් ලබා සහ ඔවුන්ගේ විදේශ සම්බන්ධතාවන් මගින් ඔවුන්ගේ ප්‍රදේශ දියුණු කිරීම වේ. රජයෙන් ලබාදෙන්නා වූ මුදල් පවා නැවත ලබාදෙන්නා වූ ප්‍රතිපත්තියක ඔවුන් එල්බ සිටියි. එම නිසා තරුණයින් ද්‍රවිඩ දේශපාලන නායකයින් පමණක් නොව සමස්ත දේපාලන ක්‍රියාවලිය කෙරෙහිම වෛරයකින් පසුවූ නිසා දස දහස් ගණනක් තරුණ ජිවිත රටට අහිමිවිය. ද්‍රවිඩ දේශපාලන නායකයින් ඉදිරියටත් සිටිනුයේ මෙවැනි ප්‍රතිපත්තියක නම් අනාගතයේදී පත්වන රජයක් මගින් ඔවුන්ගේ අර්බුදය වෙනත් ආකාරයකින් ලංකාවේ විදේශ තානාපති අංශ මාර්ගයෙන් සහ රජය මගින් නවදිල්ලිය, ටෝකියෝ, ජිනීවා, පැරීස්, ලන්ඩන්, ඔටාවා, වොෂිංටන්, යූඑන් වෙත මෙම අවනඩුව ගෙන ගොස් සත්‍ය වශයෙන්ම සිදුවිය යුතුවන්නේ කුමක්ද කියා ඔවුනට අවබෝධ කරදෙනු ඇත. ද්‍රවිඩ දේශපාලන නායකයින් සත්‍ය වශයෙන්ම පෙනී සිටිනුයේ ජනතාව වෙනුවෙන්ද? නොඑසේනම් බලය බෙදීම පමණක්ම වෙනුවෙන්ද කියා දශක ගණනාවක අර්බුදය වෙනත් දිශාවකට ගෙනයනු ඇත. එවැන්නක් සිදුවීමට පෙර ද්‍රවිඩ දේශපාලන නායකයන් යථාර්තය අවබෝධ කර ගැනීම වැදගත් වේ.