
(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් සාර්ථක වෙළඳ ගණුදෙනුවක් සිදු වූ බව ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශ්‍රී ලංකා ප්‍රධානි රවින්ද්‍ර කුමාර් ජා මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් ශ්‍රී ලංකා රුපියල් මුදල් ඒකකයෙන් ආනයනය සඳහා මුදල් ගෙවූ බවත් එම මුදල් සාර්ථකව ඉන්දියානු රුපියල් මුදල් ඒකකයට හුවමාරු වී ඉන්දීය අපනයනකරුවන්ට ලැබුණු බවත් කුමාර් ජා මහතා පැවැසුවේය.
ශ්‍රී ලංකාව සහා ඉන්දියාව අතර වෙළඳ කටයුතු සඳහා ඉන්දියානු රුපියල යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති වැඩසටහනක දී ඒ බව පැවැසීය.
ආනයන සීමා කිහිපයක් ලිහිල් කිරීමට රජය කටයුතු කළත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වන තෙක් සියලුම සීමා ලිහිල් කිරීමට හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ආනයන සීමා පැනවීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් විදෙස් සංචිත නොමැති වීම හේතුවෙන් ආනයන සීමා පැනවීමට කටයුතු කළ බවත් සේමසිංහ මහතා පෙන්වා දුන්නේය.ආර්ථිකය ස්ථාවර වූ පසු සහ විදෙස් සංචිත ප්‍රමාණවත් පරිදි ඉහළ ගිය පසු ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
නමුත් ඒ සඳහා තවත් මාස කිහිපයක් ගත විය හැකි බවත් ආනයන සීමා ලිහිල් වන කාල සීමාවන් පිළිබඳ දින වකවානු ප්‍රකාශ කළ නොහැකි බවත් සේමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය රුපියලෙන් මෙරට සාර්ථක වෙළෙඳාමක්
රනා Saturday, 04 March 2023 01:31 AM
ඉතා හොඳ ප්‍රවණතාවක්...!