






හැත්තෑ තුන් වැනි ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවයක් අද(15) පෙරවරුවේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී පැවැත්විණි.
එහිදී ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සන්ධු මහතා ඉන්දීය ජාතික ධජය ඔසවමින් එම උත්සවය ආරම්භ කළේය.
(ගයාන් අමරසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් තමන්ගේ රටට ආදරයක් ඇති මිනිස්සුද? එකට අපේ "නායකයෝ"? රනිල්ගේ ආණ්ඩුව එනකල් ඇමෙරිකා එක්සත් ජනපදයේ මහකොමසාරිස් කාර්යාලය ජාතික දිනය මහා ඉහළින් සැමරුවා. සමහර විට ගසාකන්න ඇති. එ්ත් ජාතික කොඩිය ඔසවලා, ජාතික නැටුම් වැයුම් වලින් සමන්විත සර්ව ආගමික උත්සවයක් නිදහස් දිනෙන් පසුව එන පළමු සති අන්තයේ පැවැත්වුණා. අපේ නෝනලා අවුරුදු ගණනකට කලින් ගෙනා සාරි ඔසරි ලකලැහැස්ති කරගෙන බොහොම සතුටින් උන්නා ඒ දිනේ එනකල්. අපේ ළමයි ජාතික ඇඳුම් ඇඳගෙන, ළමාසාරි ඇඳගෙන ජාතික ගීය ජයමංගල ගාථා ආදිය ගායනා කරලා ඉවරවුණාම මහකොමසාරිස් කාර්යාලයෙන් සහතික පවා ප්‍රධානය කළා. අදටත් එව්වා ළමයි තමන් උපන් රටෙන් ලැබුණු තෑග්ගක් විදියටත්, තමන් ලබාගත් වටිනා අවස්ථාවක් විදියටත් යාළුවන්ට පෙන්වනවා. අපිටත් අවට ඉන්න සිංහල, දෙමල, මුස්ලිම් ශ්‍රී ලාංකිකයින් හඳුනාගැනීමට ඒක අවස්ථාවක් වුණා. නමුත් අපේත්, ළමයින්ගේත් කරුමෙට තමන්ගේ පරම්පරාව සුද්දන්ගෙන් පැවතෙනවා කියලා හිතන කෙනෙක් ලංකාවේ බලයට ඇවිත් ඒ සියල්ල කණපිට පෙරලුවා. දැන් නිදහස් දිනේට ඇමෙරිකාවේ ලංකා තානාපති කාර්යාලය පවත්වන්නේ විස්කි බ්‍රැන්ඩි වලින් පදම්වෙන්න පුළුවන් සාජ්ජයක්. එ්කත් සතියේ දිනක. වෙන තානාපති කන්තොරුවලත් මෙහෙම ඇති...
මේ විදියට ලංකාවත් ලංකාවේ අනන්‍ය තත්වයටත් ලංකාවේ මිනිසුන්ටත් ගරහන, වෛර කරන, පාහරයින් නැවතත් රටේ බලය ඉල්ලන වෙලාවක, මේ සියල්ල මෙසේ වෙද්දීත් පොට්ටයින් මෙන් ඔවුන් පසුපස යන ගොබ්බයින් පෙනෙන වෙලාවක, ඉන්දීය මහකොමසාරිස් තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයත්, ලංකාවේ ඉන්දීය ප්‍රජාවත් තමන්ගේ මව්බිම වෙනුවෙන් පවත්වන මෙම අභිමානවත් උත්සවය පිළිබඳ සටහනක් තැබීමට ලැබීම වාසනාවක් කොට සලකමි...