IMG-LOGO

ඉන්දීය පොහොර වලින් මෙට්‍රික් ටොන් 15000 ක් තේ වගාවට

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවෙන් ලැබුණු යූරියා පොහොර  වලින් මෙට්‍රික් ටොන් 15,000ක් තේ වගාව සඳහා ලබා දීමට තීරණය කළ   බව කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ  සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මහින්ද අමරවීර මහතා නව රජයේ කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොස් යුරියා පොහොර බෙදා දීම හා ඊට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවයන් පිළිබඳව සාකච්ඡා කළේය.

 ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණ යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 65,000ක් ලැබීමට නියමිත අතර මෙි වන විට  පොහොර මෙට්‍රික් ටොන් 44,000ක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම යූරියා තොගයෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු කර ඇති  බව රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපතිවරු අමාත්‍යවරයාට දැනුම් දුන්හ. 

එළවළු වගාව සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර විශේෂයෙක් ඉතා කඩිනමින් නිෂ්පාදනය කරන ලෙසත් ඉදිරි සති දෙක තුළ එම පොහොර වෙළෙඳපොළට සැපයීම සඳහා කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා  උපදෙස් දුන්නේය.

 මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ කෘෂිකර්ම  අමාත්‍යවරයා කීවෙි නව ජනාධිපතිවරයාට වැඩ කිරීම සඳහා සාධාරණ කාලයක්  ලබා දිය යුතුය යන ස්ථාවරයේ තමන් ද සිටින බවයි. 



අදහස් (0)

ඉන්දීය පොහොර වලින් මෙට්‍රික් ටොන් 15000 ක් තේ වගාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 670 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site