(යොහාන් භාසුර)
මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 16 ක් සමඟ ටෝලර් යාත්‍රා දෙකක් යාපනය මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
උතුරු සහ උතුරු මැද නාවික විධානයන්ට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් යොදවා සිදුකළ විශේෂ මුරසංචාරයකදී යාපනය ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් සහ මන්නාරම ඉරනතිවු දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී තහනම් පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා දෙකක සිටි ඉන්දීය ජාතික ධීවරයින් 16 දෙනෙක් සහ මත්ස්‍යයින් තොගයක් ද භාරයට ගත් බවත් ටෝලර් යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් නාවික හමුදාව කීය.
විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන හානිය මැඩපැවැත්වීමේ අරමුණින් නාවික හමුදාව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩ මුර සංචාර සහ මෙහෙයුම් ත දුරටත් ක්‍රියාත්මක කරන බවත් නාවික හමුදාව පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්දීය ධීවරයින් 16 ක් - ටෝලර් 2 ක් නාවික හමුදා අත්අඩංගුවට