
(නිමන්ති රණසිංහ)
ඉන්දීය බුද්ධි අංශය අත්අඩංගුවට ගත් ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන අංක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ අද (01) කරුණු වාර්තා කර ඇත.
මෙම දුරකතන අංක 702 සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා මෙම විමර්ශනය තම කොට්ඨාසයට භාරකළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන එස්. සම්සුදීන් නමැත්තෙක් ඉන්දීය බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇති බවත්, එම සැකකරුගේ ජංගම දුරකතනයේ තිබූ “මුජහිදීන් ෆෝ අල්ලා” නමැති ‘වට්ස්අප්’ කණ්ඩායමක සිටි ශ්‍රී ලාංකිකයින් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කරන ලෙස ඉන්දීය රජය ඉල්ලා ඇති බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
අයි එස් අයි එස් සංවිධානයට අයත් වීඩියෝපට, හඩපට සහ ඉකුත් 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහ්රාන්ගේ දේශනාවන් මෙන්ම ඔහුගේ ඡායාරූප සහ හඬපට ද “මුජහිදීන් ෆෝ අල්ලා” නමැති ‘වට්ස්අප්’ කණ්ඩායමේ හුවමාරු වී තිබූ බව ඉන්දීය බුද්ධි අංශ දැනුම් දී ඇතැයි දත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, එම ජංගම දුරකතනවල තිබූ එක් දුරකතනයක් ඔස්සේ කළ විමර්ශනයකදී සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
එම වට්ස්අප් කණ්ඩායමේ සාමාජිකයකු වන මෙම සැකකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයන් හා සම්බන්ධතා පවත්වමින් කටයුතු කළේද යන්න සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරවතම කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්නකිරීම් සිදුකරන බව ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු සදහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණයක් කරනවා නම් හොඳයි... ඒත් තවත් නාට්‍යයක් නම් එපා... වට්ස් ඇප් ගාෘප් හරහා කන්ටෑක්ට් ලිස්ට් එකේ නැති අයත් ඇඩ් කරගන්න පුළුවන් විදිහක් තියෙනවද?
එහෙනම් ඔය දුරකථනය ගෝඨාභය, මෛත්‍රී, නන්දසේන.... නමුත් ඇති ශුවර් එකටම...
මෙහෙම ප්‍රචාරය කරනකොට ඒ අය හැංගෙන්නේ නැද්ද? මේකත් පට්ටපල් බොරුවක් මට හිතෙන්නේ...!
එවපු නම් ලැයිස්තුවත් එක්කලා අල්ලන්න යවන රාලහාමිලාගේ පින්තූරත් පත්තරේ දැම්මා නම් ලේසියෙන්ම පරීක්ෂණ කරන්න තිබුණා. අම්මපා මේ අය වගේ හරක් රැළක්...
අපේ සර්, අර පැන්ඩෝරා විමර්ශණය කළා වගේ මේකත් විසඳලා දේවි...
සුරේෂ් කියන නමක් ඇති ශුවර් එකට...!!!
අපේ සර් ඉන්නකම් ජාතික ආරක්ෂාව ගැන බිය විය යුතු නැහැ
පහුගිය අවුරුද්දේ ඉන්දියාවේ කාශ්මීරයේ ඉන්දියානු හමුදාවට එල්ලවූ දැවැන්ත ප්‍රහාරය පිළිබඳව, ප්‍රහාරයට පෙර නොදන් ඉන්දියානු බුද්ධි අංශයට, කොහොමද අපේ රටේ දේවල් හොඳටම තේරන්නේ? එක්කෝ ඉන්දියාව ලංකා රජය බ්ලැක් මේල් කරමින් තවත් ප්‍රහාරයට සැලසුම් කරමින් රටේ වටිනා කෑල්ලක් අත්පත් කරගන්න උත්සාහ කරනවා ඇති. පාස්කු ප්‍රහාරයෙන් පසුවත් ඕක නේ වුනේ. නැගෙනහිර ජැටිය ඉල්ලුවා. පසුව බටහිර දුන්න. ළඟදී අදානි ආවා, දළදා වහන්සේ වැඳලා ඔහොම ගියා ත්‍රිකුණාමල තෙල් ටැංකි බලන්න.
ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන මේ වගේ දේවල් මාධ්‍ය මගින් පළකිරීම නොකල යුතුයි. අයි.එස්. කාරයෝ දැනටමත් කොතරම් කළබල වී සිටිදැයි මෙහි පළමු හා දෙවැනි කොමෙන්ටු සනාථ කරයි. ආගරපතනේ වළ හැඩියා තනිකරම අයි. එස්. කාරයෙක් බව ඒ කොමෙන්ටුවෙන්ම මනාව පැහැදිළි වේ.
ප්‍රහාරයට සම්බන්ධ අය පැය 24 න් උසාවියෙන් නිදහස් වන විදියට වැඩ කළා ආණ්ඩුව රැක ගන්න දැන් අනාගත බලාපොරොත්තු නිසා ඔය ගැන පියවරක් ගන්න බැහැ .එම චන්ද ටික වටිනවා බලය ගන්න .මේ ගැන ඉන්දියාව දන්නේ නැහැ. පරීක්ෂණ කරන්නලු මේ ගොල්ලන්ට