
(යොහාන් භාසුර)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත්ව දිගුකාලයක් පවතීමට හේතුව පුහුණුව බවත් ඉන්දීය ආරක්ෂක හමුදාවන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 7 ක් වැයකර ශ්‍රී ලංකාවට පුහුණු අවස්ථා 1500 ක් පමණ පිරිනමන බවත් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා පැවසීය.
ජාතික ආරක්ෂක විද්‍යාලය, ඉන්දියානු හමුදා ඇකඩමිය, ගුවන් හමුදා ඇකඩමිය සහ ඉන්දියානු නාවික ඇකඩමිය වැනි ඉන්දියාවේ ප්‍රමුඛතම ආරක්ෂක ආයතනවල ශිෂ්‍යභටයින්ට පුහුණුව දෙන බව කී ජේකබ් මහතා ඊට අමතරව, විවිධ සේවා විශේෂිත පුහුණු සහ කාර්ය මණ්ඩල පාඨමාලා ද පිරිනමන බව ද සඳහන් කළේය.
උසස් ආරක්ෂක කළමනාකරණ සහ ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලා සඳහා උපරිම අවස්ථා සංඛ්‍යාව ශ්‍රී ලංකාවට ලැබෙන බවත් එහි ආදි ශිෂ්‍යයන් ශ්‍රී ලංකාවේ සේවා ප්‍රධානීන් දක්වා ඉහළට පැමිණීම ඉන්දියාවට ඉමහත් තෘප්තියට කරුණක් බවත් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කීය.
ඉන්දියාවේ “අසල්වැසි ප්‍රථම” ප්‍රතිපත්තිය යටතේ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විශිෂ්ට තත්වයකට පත් ඇති බවත් දෙරටේ සබඳතා ගැඹුරු කිරීමට කටයුතු කරන ක්ෂණික, කෙටි හා මධ්‍ය කාලීන වශයෙන් ක්ෂේත්‍ර පහක් විශේෂ වැදගත්කමක් දරන බවත් ඒ මහතා පැවසීය.
2022 වසරේදී ශ්‍රී ලංකාවේ ජනතාවට ඇමරිකානු ඩොලර් බිලියන 4 ක පමණ අගයක් දක්වා ඉන්දියානු සහයෝගය ගොඩනඟා ගනිමින් ආර්ථික සහ මූල්‍ය සහයෝගීතාව සඳහා ඇති හැකියාවය, ජාතික මුදල් ඒකක වෙළඳාම, ආයෝජන පහසුව සහ මූල්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම පළමු වැන්න බවත් දෙවැන්න දෙපාර්ශවය ගුවන්, වරාය, ඩිජිටල් සහ බලශක්ති සම්බන්ධතාව වැඩි කිරීමට කටයුතු කිරීම බවත් ඒ මහතා සඳහන් කළේය.
අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පවතින බිලියන ගණනක නව ආකාරයේ සංවර්ධන සහයෝගීතා හවුල්කාරිත්වයක් ගොඩනැගීමේ අවශ්‍යතාව, දෙපාර්ශවයටම විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරවලදී මිනිසුන් හුවමාරු කරගැනීමට මිනිසුන් වැඩි දියුණු කළ සහ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා සංස්කෘතික, ආගමික, සංගීතය, චිත්‍රපට සහ ක්‍රීඩා සබඳතා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කොළඹ පැමිණි ඉන්දීය නාවික හමුදාවේ නෞකාවේ ඉන්දීය නාවික හමුදා නිලධාරීන්ගෙන් පුහුණුව ලැබූ ශ්‍රී ලංකා ආරක්ෂක කණ්ඩායම අමතමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවයෙන්
Palitha Thursday, 02 March 2023 11:43 AM
ප්‍රධාන මැතිවරණ කොමසාරිස්, මැතිවරණ කොමසාරිස්වරුන් පත් කරනු ලබන්නේ අගමැති, අගවිනිසුරු සහ විපක්ෂ නායක මණ්ඩලයක් විසිනි: ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ටයිම්ස්