
(ක.ග.කරුණාරත්න)
ඉන්දු ශ‍්‍රී ලංකා ‘‘මිත‍්‍ර ශක්ති’’ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් දින පුහුණු අභ්‍යාසය අද පොලොන්නරුව, මාදුරුඔය පිහිටි යුද හමුදා පුහුණු පාසලේ වෙඩි පිටියේදී පැවැත්විණි.
මෙම පුහුණු අභ්‍යාසය නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද්ධ හමුදා ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා සහභාගීවූ අතර ඉන්දීය යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එයට එක්ව සිටියහ.
එහිදී යුද හමුදාපතිවරයා අතින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරු තිළිණයක්ද පිලිගන්වනු ලැබීය.
ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ යුද හමුදා භට පිරිස් 240 කගේ සහභාගීත්වයෙන් මෙම මිත‍්‍ර ශක්ති යුද අභ්‍යාසය පවත්වනු ලබයි. ඉන්දීය යුද හමුදා භට පිරිස් සඳහා මෙම අභ්‍යාසයේ නායකත්වය දෙනු ලබන්නේ කර්නල් ප‍්‍රකාශ් කුමාර් විසිනි.
ශ‍්‍රී ලංකා පාබල පුහුණු රෙජිමේන්තුවේ මේජර් මහේෂ් පතිරාජ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සඳහා නායකත්වය සපයනු ලබයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඇත්තෙන්ම නියමයි. අතීතයේදී ඉන්දියාව අතින් කෙතරම් වැරදි සිදු වූවත් අවසානයේ ඔවුන් අපේ බලවත් අසල්වැසියා සහ වැඩිමහල් සහෝදරයා ය. සෑම පවුලකටම යම් යම් ගැටලු ඇති නමුත් වැදගත් දෙය නම් වැඩ කටයුතු කරගෙන ඉදිරියට යාමයි. අනෙක් අතට චීනය අවස්ථාවාදී හවුල්කරුවෙකු වන අතර එමඟින් අල්ලස් ගැනීමට උත්සාහ කරන අතර ණය උගුල් වලින් සහ රාජ්‍ය තාන්ත්‍රික එන්නත් මඟින් තමන්ට අවශ්‍ය දේ කිරීමට අපට බල කරයි.
ඉන්දියානු හමුදාපතිවරයාගේ මානව කලමනාකරණය කරගත් බාහිර ශරීර පෙනුමත් ඔහු අවට සිටින ලංකාවේ හමුදා නිලධාරින්ගේ බඩගෙඩි ටික දැක්කාම රටවල් දෙක ගැන ගොඩක් දේවල් තේරෙනවා...
ඒක හරි