
( නිශාන්ත කුමාර)
බෝතලයක් ඉනේ සඟවාගෙන මහමග ගමන්ගත් පුද්ගලයෙකු බෝතලයත් සමඟ ගල්තලාවක් මත ඇද වැටී බිඳී ගිය බෝතලයේ කොටසක් උදරයේ ඇනීමෙන් බරපතල තුවාල ලබා අද (30) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
තුවාල ලබා ඇත්තේ ඇකිරිය ගම්මානයේ පදිංචි වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයෙකි.
කිසියම් අවශ්‍යතාවයක් සඳහා මොහු වීදුරු බෝතලයක් ඉනෙහි සඟවාගෙන තවත් මිතුරෙකු සමඟ කැලෑබද මාර්ගයක් ඔස්සේ ගමන් ගනිමින් සිටියදී ගමන් ගත් මාර්ගයේ තිබූ ගල්තලාවක් මතදී බිම ඇද වැටී ඇති අතර ඇද වැටීමත් සමඟ ඉනේ තිබූ බෝතලය පුපුරා එහි කොටසක් උදරයෙහි ඇනි ලේ ගලන්නට පටන් ගෙන ඇත.
ඒ අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ මිතුරා උදරයේ සිරව තිබූ කැඩුණු බෝතලයේ කොටස එලියට ඇද දමා ඇති අතර එම ස්ථානයෙන් රුධිරය වහනය වීමත් සමඟම ඔහු රෝහලට රැගෙන විත් භාරදී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.