(යොහාන් භාසුර)
පුනර්ජනනීය මාර්ගවලින් ඉදිරි වසර තුන තුළ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 2800 ක් ජනනය කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
සුළං බලයෙන් සහ වහලය මත සවිකරන සූර්ය පැනල තව දුරටත් ප්‍රචලිත කිරීමට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු වගකිව යුතු නිලධාරීන් සියලු දෙනා ඉදිරියේ කාලය ගත කරන බවත් ඒ සඳහා මීට පෙර ක්‍රියාත්මක කළ සහන ණය ක්‍රමය නැවත ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ කයිවාරු නැතුව සුදුස්සකුට මෙම වගකීම දීල යන්න. මෙයාට තවම කප්පාදු නැතුව විදුලිය සපයන්නත් බැහැ, පොලු දාපු මැති ඇමතිලාගෙන් හිග මුදල් අය කරගන්නත් බැහැ. එම පාඩුව මග හරවන්න සාමාන්‍ය ජනයාට බර පටවන්නේ. ගල් අඟුරු අද හැට එනවා කියල බොරු කියමින් දැන් නොරච්චෝල බලාගාරයේ එක් යාන්ත්‍රයක් අක්‍රීය කරලා. තවද පිරිපහදුත් වහල දාල. නමුත් ලොකු ලොකු කතාව නම් තියනවා.
ඉදිරි වසර වලදී නොකෙරෙන දේවල් ගැන දොඩවන ගොන් කතා කියන්නේ නැතුව.
දවසේ වැඩි කාලයක් හිරු එළිය ඇත. දැනට ලොව ඇති විසඳුම.
මෙය හුදෙක් ප්‍රවෘත්තියක් පමණි. මන්දයත් මේ වනවිට සූර්ය බලශක්ති ව්‍යාපෘති 21 අනුමතව ඉදිරි කටයුතු සඳහා ආයෝජකයන් විසින් මුදල් විදුලිබල මණ්ඩලයට ලබාදීමට එකඟවී තිබියදී ඒවා මග ඇරීමට ඇමැති සහ සභාපති කටයුතු කරමින් සිටින බව උදාහරණ සහිතව දැක්විය හැකිය..