( හර්ෂණ තුෂාර සිල්වා )
ඉදිරි මාස හයක කාලය සඳහා මාර්ග සැලැස්මක් හඳුන්වාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
මේ අනුව ඔක්තෝබර් මාසයේ පළමු වැනිදා මෙම සැලැස්ම හඳුන්වාදෙන බවත් එතැන් පටන් මාස හයක කාලය සඳහා මෙම ආර්ථික සැලැස්ම හඳුන්වාදෙන බවත් හෙතෙම කියයි.
සියලු ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම සැලැස්ම සකස් කරමින් තිබෙන බවත් මෙය “කළ යුතු කාර්ය” (ටු ඩූ ලිස්ට්) ආකාරයෙන් සකස් කරන බවත් පවසයි.
නව මහ බැංකු අධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම කරුණු සඳහන් කරයි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස ඉකුත් දා එම ධුරයේ රාජකාරී ඇරැඹීය.
ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර පියවර ගන්නා බව නව අධිපතිවරයා එදින පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට එළුවගේ බෙල්ලත් කපලා මුට්ටියත් බිඳලා නොතිබුනොත් ඇති.
අපි දැක්ක වැඩ පටන් ගන්න යන විදිය, මුලින්ම කරපු දේවල් පරික්ෂාවට ලක්කරපු නිලධාරිනිය මහා බැංකුවෙ වෙනත් ස්තානයකට මාරුකරලා.
මුදල් මණ්ඩල ලේකම් ඉවත්කිරීම මේ සැලසුමේ කොටසක් වෙන්න පුළුවන්...
උගත් ආර්ථික විද්‍යාඥයෝ ඉද්දී කරන නාඩගම් .මෙයා කොයිතරම් කාලයක් මේ වැඩේ කරාද .රට දියුණු උනාද ?
ඔය සැලැස්ම රටේ ආර්ථිකය වෙනුවෙන්ද නැත්නම් තම තමන්ගේ ආර්ථිකේ වෙනුවෙන්ද ?
මහා බැංකු මුර බල්ලනි, වහා ඩොලරයට නිවැරදි මිලක් නියම කරනු. දැන් ඩොලර් 10000ක් රජයේ බැංකුවකට එව්වොත් පාඩුව රුපියල් ලක්ෂ 3ක්. මේ හදන්නේ රාජ්‍ය බැංකු හාන්සි කරන්නද? නැත්නම් ලොකු බල්ලොන්ගේ කළු සල්ලි ටික ඩොලර් කරගන්නද? මට නම් පේන්නේ මුන්ගේ රුපියල් කළු සල්ලි ටික සුදු කරන්න, මහා බැංකු බල්ලෝ ඩොලරය 204 අල්ලාගෙන ඉන්නවා. එතොකොට ලංකාවට ඩොලර එවන්න කවුරුත් කැමති නැ. ඒ වෙනුවට පිටරට ඉන්න කළු සල්ලි බල්ලොන්ට ඩොලර් දෙනවා. එතොකොට උන්ගේ මෙහෙ ඉන්නේ බල්ලෝ රුපියල් වලින් ගෙවල් වලට එවනවා. බල්ලොන්ගේ කළු සල්ලි සුදු කරන්න, මහා බැංකු මුර බල්ලෝ ඩොලරය හිර කරගෙන ඉන්නවා! මුර බල්ලනි. සරල ගණිතය තේරුම් ගනිවු! තොපේ මහා බල්ලොන්ගේ කළු සල්ලි සුදු කරන්න මුළු රටක් විනාශ නොකරනු!!!!
කට්ටියම එකතුවලා හින්දා කොමිස් ගාන 25%-30% අතර ඇති නේද.? ඉතුරු ටිකත් කාලම දායි වගේ...