IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඉදිරි අය වැයෙන් සෞඛ්‍යයට වැඩි මුදලක්

(අංජුල මහික වීරරත්න)

ඉදිරි අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දැනට පවතින ගැටළු නිරාකරණය කරමින් ඉදිරියේ දී මානව හා භෞතික සම්පත් ද වර්ධනය කරමින් අපහසුතාවයකින් තොරව වෛද්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වලින් ජනතාවට දෙන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයන් පිළිබඳ නිරීක්ෂණයකින් අනතුරුවය.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා   මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම ආයතන ප්‍රධානීන් සමග දිස්ත්‍රික්කයේ  ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් පිළිබඳ  සාකච්ඡාවක ද නිරත විය.



අදහස් (0)

ඉදිරි අය වැයෙන් සෞඛ්‍යයට වැඩි මුදලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 309 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1617 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site