
(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන ජංගම රාජ්‍ය සේවා වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ග්‍රාමීය ප්‍රදේශ වල හා අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශවල පදිංචි ජනතාවට ඉඩම් භාවිතය, ගොඩනැගිලි සඳහා අනුමැතීන් ලබා ගැනීම, නිවාස පහසුකම් නොමැති වීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ජල සැපයුම් සේවා සම්බන්ධයෙන් මතු වන ගැටලු නිරාකරණය කර ගැනීමේදී දැඩි අසීරුතා වලට මුහුණ පෑමට සිදුවන බව හඳුනාගනු ලැබ ඇත.
එම සේවාවන් ජනතාවට වඩාත් පහසුවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි ජංගම රාජ්‍ය සේවා වැඩසටහනක් ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
යෝජිත වැඩසටහන මඟින් එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය යන ආයතන වල විෂය පථයන්ට අදාළ සේවාවන් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සඳහා මහජනතාවට සෘජුවම එකී ආයතනවල නිලධාරීන් සමග සම්බන්ධ වී විසඳුම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, යෝජිත ජංගම රාජ්‍ය සේවා වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජංගම සේවාවේදී ජංගම සංචාරයක් කර අනවසර ඉදිකිරීම්ද සැලකිල්ලට ගන්න. අද මාර්ග තදබදය, මාර්ග අනතුරු සඳහා මාර්ග අවට ඉදිකිරීම් බොහෝදුරට බලපා ඇත.
ලංකාවේ ඉදිකිරීම් සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ ප්‍රමිතියක් නොමැත. හිතුන හිතුන තැන ඉදිකිරීම් කරනවා . පළාත් පාලන ආයතන වල TO ට කීයක් හරි දුන්නම ඕනිම ප්ලෑන් එකක් පාස් කරනවා