(සුජිත් හේවාජුලිගේ )
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් තිස් තුන් දෙනකුට අවස්ථා හයකදී ස්ථිර තනතුරට හිමිවන වැටුපට අමතරව රුපියල් කෝටියකට ආසන්න මුදලක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට පටහැනිව 2020 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙයට අමතරව එම මුදලට අදාළව සේවක අර්ථසාධක සහ බාරකාර අරමුදල් සඳහාද ලක්ෂ 14කට වැඩි මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ බාහිර පාර්ශ්වයන් වෙතින් සංවිධානයට ලැබෙන නායයෑම් අවදානම් අවම කිරීමේ උපදේශන කොන්ත්‍රාත්තු සඳහා සම්බන්ධ වූ නිලධාරින් පිරිසකටය.
මේ අතර නායයෑම් සමීක්ෂණය සඳහා 2020 වර්ෂයේදී ලැබී තිබූ ඉල්ලුම්පත් 7879කින් අවදානම් තක්සේරු වාර්තා නිකුත් කර තිබුණේ 4162ක් පමණක් බව විගණන නිලධාරීහු පවසති.
තවද නායයම් විස්ථාපන හඳුනාගැනීමේ පද්ධති වෙනුවෙන් 2015 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට ලැබී තිබුණු රුපියල් හැත්තෑ හය ලක්ෂයක පමණ මුදලක්ද මහා භාණ්ඩාගාරයෙන් ලැබී තිබූ රුපියල් පනස් ලක්ෂයක පමණ මුදලක්ද 2020 දෙසැම්බර් 31 වනවිටත් ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව විගණන කාර්යාලය සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉදිකිරීම් නිලධාරීන් 33කට කෝටි ගාණක දීමනා
ab Tuesday, 14 March 2023 04:20 PM
වාවු !
Gampaha Darane Wednesday, 15 March 2023 04:42 AM
නාය යාම උනානම් වෙන පාඩුවටත් වැඩි ගානක් වෙන්ඩ ඇති.