(ටී.කේ.ජී.කපිල)
අප්‍රිකානු මහාද්වීපය තුළ පිහිටි රටවල් රැසක රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු රැගෙන ඉතියෝපියාවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (6) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඉතියෝපියාව අවට රටවල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් වන අතර , ඔවුන් විශේෂ ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ අඩිස් අබාබා නුවර වෙත කැදවා තිබිණි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1710 දරන විශේෂ ගුවන් යානයෙන් ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස අද (6) අලුයම 3.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබිණි .
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඉතියෝපියාව අවට රටවල රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් වන අතර" එ් කියන්නේ ඉතියෝපියාවත් ලංකාවට වැඩිය හොඳයි. කාලා වරෙන්කෝ..