IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉඩම්ගොඩ කිරීමේ හිටපු නි.සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් ප්‍රියන්ත මුතුමාල මහතා (17) අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව කියයි.

2014 වසරේ කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද වේරස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එමඋත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276 ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් "දූෂණය" නැමැති වරද සිදුකිරීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රකාශ ලබා ගැනීම සඳහා එම කොමිෂන් සභාව වෙතට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවය.මෙම චෝදනාව මත ඉකුත් 5 වෙනිදින  ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිවරිය ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධිර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරතිබිණි.

 

 



අදහස් (2)

ඉඩම්ගොඩ කිරීමේ හිටපු නි.සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

සෙනෙවිරත්න Tuesday, 17 June 2025 06:24 PM

ගායකයන් දෙපලටත් උත්තර බඳින්න වෙයි. ඒ අයට කියන්න වෙන්නේ බල්ලොත් එක්ක ලැග්ගා නම් ප්‍රතිඵලත් භාරගන්න කියලා. මේ දෙගොල්ලන් සදාකල් බලයේ ඉඳීවි සහ 3%ක් තියෙන අයට කවදාවත් බලය ලබාගන්න නොහැකි වෙයි කියලා හිතාගෙනයි වැඩ කලේ. තවත් අය ඉන්නවා දැන්ම උත්තර හොයා ගන්න. මොකද හුඟාක් ගනුදෙනු රුපියල් වලින් දේශීයට වුනේ, ඒක නිසා වහන්න බැරි වෙයි....

:       4       25

කව්ද බෝයි Tuesday, 17 June 2025 08:23 PM

පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවයට විතරක් ලක්ෂ 276ක් මහජන බදු මුදල්... අනේ අපොයි... ඩෝබිලා කව්රුත් නැද්ද මේක හෝදලා දෙන්න.

:       3       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 309 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site