
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් හෙට (1) සිට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කර ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බව මැනුම්පති වයි.ජී.ඥාණතිලක මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවේදී මැනුම්පති වයි. ජී. ඥාණතිලක මහතා එසේ පැවසීය.
මහජනතාව සිතියම් නිකුත් කිරීම මෙතෙ.ක් කල් කාර්යාලය හරහා කළ බවත් ඔන්ලයින් ක්‍රමය යටතේ සිතියම් ලබාගැනීමට මහජනතාවට අවස්ථාව දීමට කටයුතු කළ බවත් ඒ මහතා කීය.
ඒ අනුව ඔන්ලයින් ගෙවීම් කර නිවසටම අවශ්‍ය සිතියම් ගෙන්වාගැනීමට හැකියාව ඇති බව මිනුම්පතිවරයා මහජනතාවට ඉඩම් තොරතුරු පද්ධතියේ තිබෙන තොරතුරු අන්තර්ජාලය හරහා පරීක්‍ෂා කිරීමේ අවස්ථාවත් දීමට ද කටයුතු කරන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd