
(සුමිත් පොතුපිටිය)
කාන්තාවකට සරම උස්සා පෙන්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්බව ඉත්තෑපාන පොලිසිය සදහන් කරයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වලල්ලාව්ට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බව පොලිසිය පවසයි.
උඩුමුල්ලහේන, යගිරල ලිපිනයේ පදිංචි යූ.එස්. චන්ද්‍රලතා නමැති කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි.
සැකකාර මන්ත්‍රීවරයා පැමිණිලිකාර කාන්තාව පදිංචි නිවස ආසන්නයේ ඉඩමක දර කපා ඉවත්කරන අවස්ථාවේ ඇතිවූ බහින්බස් වීමක් අතරතුර මන්ත්‍රීවරයා පැමිණිලිකාර තැනැත්තියට පරුෂ වචනයෙන් බැන, ඇද සිටි සරම උස්සා පෙන්වූ බවට පැමිණිලි කර ඇතැයි සදහන්වේ.
කාන්තාවකට ලිංගික අතවර කිරිම යටතේ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා නගා ඇතැයි පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙන්නල තියෙන්නෙ පොදු දේපලක් නේද?
අනුමානයක් නැහැ හිරුණිකා කියපු කෝෂ කතාවල බලය පෙන්වන්න යන්න ඇති! පැමිනිල්ල ලියපු පොලිස් නිලධාරියා ඇහුවලු දිග පළල මැනලද චන්ඳ්‍රලතා නෝනා මට කතා කරන්නේ කියලා.
අපිද මෙ වගේ වලත්තයන්ව මත්‍රි කමට පත් කලේ? ගමෙ අයම නෙ.. දැන් වත් තේරෙනවද කර ගත්ත අමන තකතිරු වැඩේ තරම?
මූව අල්ලලා කප්පාදු කරන්න ඕනි නේද?
මන්ත්‍රීගෙ නම ගම ලිපිනය දාන්න බයද?ප්රවෘත්තියක් දානකොට අදාල සිද්ධිය නිසා හිංසනයට පත්වූ සාමාන්‍යය මනුෂ්‍යයන්ගෙ නම ගම ලිපිනය වයස ඔක්කොම දානව.ඒ වුණාට මන්ත්‍රී කෙනෙක් වරදක් කලාම නම ගම වයස හංගනව.ඇයි බය.?
අනිවාර්යෙන් පොහොට්ටුවේ එකෙක් වෙන්න ඕන.
හරියට තියෙනවා කියලා පෙන්වන්ඩ ඇති .
ඔහොම අපතයින්ව මිනිස්සු ඡන්දේ දීලා පත්කරගෙන තියෙන්නේ හොඳ නිසානේ.