IMG-LOGO

ඉඩමි ආරවුලට ගමේ මන්ත්‍රී කතකට සරම උස්සයි

(සුමිත් පොතුපිටිය)

කාන්තාවකට සරම උස්සා පෙන්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු  අත්අඩංගුවට ගත්බව ඉත්තෑපාන පොලිසිය සදහන් කරයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වලල්ලාව්ට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බව  පොලිසිය පවසයි.

උඩුමුල්ලහේන, යගිරල ලිපිනයේ පදිංචි යූ.එස්. චන්ද්‍රලතා නමැති කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි.

සැකකාර මන්ත්‍රීවරයා පැමිණිලිකාර කාන්තාව පදිංචි නිවස ආසන්නයේ ඉඩමක දර කපා ඉවත්කරන අවස්ථාවේ ඇතිවූ බහින්බස් වීමක් අතරතුර මන්ත්‍රීවරයා පැමිණිලිකාර තැනැත්තියට පරුෂ වචනයෙන් බැන, ඇද සිටි සරම උස්සා පෙන්වූ බවට පැමිණිලි කර ඇතැයි සදහන්වේ.

කාන්තාවකට ලිංගික අතවර කිරිම යටතේ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා නගා ඇතැයි පොලිසිය සදහන් කරයි.

 



අදහස් (9)

ඉඩමි ආරවුලට ගමේ මන්ත්‍රී කතකට සරම උස්සයි

ravin Thursday, 08 December 2022 03:38 PM

පෙන්නල තියෙන්නෙ පොදු දේපලක් නේද?

:       0       12

ඉනා කතා Thursday, 08 December 2022 03:49 PM

අනුමානයක් නැහැ හිරුණිකා කියපු කෝෂ කතාවල බලය පෙන්වන්න යන්න ඇති! පැමිනිල්ල ලියපු පොලිස් නිලධාරියා ඇහුවලු දිග පළල මැනලද චන්ඳ්‍රලතා නෝනා මට කතා කරන්නේ කියලා.

:       0       7

rm warn Thursday, 08 December 2022 04:00 PM

අපිද මෙ වගේ වලත්තයන්ව මත්‍රි කමට පත් කලේ? ගමෙ අයම නෙ.. දැන් වත් තේරෙනවද කර ගත්ත අමන තකතිරු වැඩේ තරම?

:       1       10

podiekaa Thursday, 08 December 2022 05:52 PM

මූව අල්ලලා කප්පාදු කරන්න ඕනි නේද?

:       0       6

Roshan manjula Thursday, 08 December 2022 06:13 PM

මන්ත්‍රීගෙ නම ගම ලිපිනය දාන්න බයද?ප්රවෘත්තියක් දානකොට අදාල සිද්ධිය නිසා හිංසනයට පත්වූ සාමාන්‍යය මනුෂ්‍යයන්ගෙ නම ගම ලිපිනය වයස ඔක්කොම දානව.ඒ වුණාට මන්ත්‍රී කෙනෙක් වරදක් කලාම නම ගම වයස හංගනව.ඇයි බය.?

:       0       8

ධම්මික Thursday, 08 December 2022 08:57 PM

ඒක ඇත්ත. සාමාන්‍ය මිනිහගේ ජාතකේම දානවා. වැරැද්ද කරපු එකා රකිනවා.

:       0       0

Always break down Thursday, 08 December 2022 09:04 PM

අනිවාර්යෙන් පොහොට්ටුවේ එකෙක් වෙන්න ඕන.

:       0       0

විපරමා Friday, 09 December 2022 12:04 AM

හරියට තියෙනවා කියලා පෙන්වන්ඩ ඇති .

:       0       0

Perera Friday, 09 December 2022 01:17 AM

ඔහොම අපතයින්ව මිනිස්සු ඡන්දේ දීලා පත්කරගෙන තියෙන්නේ හොඳ නිසානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site