
(එන්.ආරච්චි)
මාවනැල්ල, කෝන්දෙනිය ග්රාම නිලධාරී වසමේ පිහිටි දනාගම වත්ත ප්රදේශයේ දී පුද්ගලයෙකු විසින් ඉඩම් ආරවුලක් හේතුවෙන් තම ඥාතීන් සිව්දෙනෙකු අද(01) පස්වරුවේ 4 ට පමK පිහියකින් කොටා ඇති අතර ඉන් තිදෙනෙකු මියගොස් ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.
තවත් එක් කාන්තාවක් තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර අදාල මෘතදේහ මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සැකකරු (33 හැවරදි) මාවනැල්ල පොලිස් ස්ථාන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.