
(තිලකරත්න දිසානායක සහ විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්තානයේ සියල්කෝට් නගරයේදී අන්තවාදී කණ්ඩායමක පහරකෑමට ලක්ව මියගිය ප්‍රියන්ත කුමාර දියවඩන මහතා තම ආදරණීය බිරිය, දරු දෙදෙනාට සහ ඥාතීන්ට සදහටම සමුදුන්නේය.
පාකිස්තානයේ අන්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රියන්ත කුමාර මහතාට ඉකුත් (10) දා අමානුෂික ලෙස පහරදී ගිනි තබා ඝාතනය කරනු ලැබීය.
ප්‍රියන්ත මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජ තාන්ත්‍රික වශයෙන් මෙන්ම හිත මිත්‍රාදීන් විශාල පිරිසක් ඔහුගේ නිවෙසට එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි.
ජනාධිපති,අගමැති,මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඇතුළු විවිධ පාර්ශව ඔහුගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ ද යොමු යොමු කෙරිණි.
ආගමික වතාවන්ට පසු එම ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීම සිදුවිය.
අනතුරුව පැවැති ගුණකතනවලින් පසු ප්‍රියන්ත නම් වූ තම සගයාගේ දේහය හිතමිත්‍රාදීන් ගනේමුල්ල පොල්හේන සුසාන භූමිය තෙක් රැගෙන ගොස් එහිදි මිහිදන් කෙරිණි.


2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉංජිනේරු ප්‍රියන්ත කුමාර පොල්හේනේදී සැමට සමුදෙයි
Raveendra Wednesday, 08 December 2021 05:30 PM
ප්‍රියන්ත කුමාර මහතාණනි, ඔබට නිවන් සුව අත්වේවා...!!!
priyantha Wednesday, 08 December 2021 07:02 PM
නිවන් සුව... පිටරටවල්ව වැඩකරනකොට ගොඩක් මොලය පාවිච්චි කරන්න ඕනේ.. මරඋගුල් වලින් ගැලවිලා තමන් ආපු කාරණය නිමවෙන තුරු... විශේෂයෙන්ම ආගම, ජාතිය, පාට වැනි දේවල් සම්බන්ධ කාරණා වලදී ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ... මමත් ඉන්නේ පිටරට...
RaveendraThursday, 09 December 2021 05:28 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. විශේෂයෙන් අන්ධ භක්තිකයන් සමග කටයුතු කරනකොට....
Boattuwa Wednesday, 08 December 2021 08:06 PM
ඔබට නිවන් සුව ... !!!
චින්තක Thursday, 09 December 2021 07:21 AM
සොයුර, ඔබට නිවන් සුව අත්වේවා !!!
Bamunuarachchi Thursday, 09 December 2021 08:15 AM
පාන්සකුලේට හමබයොත් ආවද? ඒ ආවත් පිළිගන්න නිවට ජාතියක් සිංහල අපි.
sharm warn Friday, 10 December 2021 11:12 AM
ඔහුට නිවන් සුව ලැබෙන්න කියලා පතනකොට ඒකටත් අකැමැත්ත පෙන්වන්නේ මොන ජාතියේ අයද?