IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඇෆ්ගනිස්තානය කැලඹූ භූමිකම්පාව250 ක් බිලිගනී

රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවකින් ඇෆ්ගනිස්තානය කැලඹිණි. භූමිකම්පාව හේතුවෙන් 250කට වැඩි පිරිසක් මියගිය බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි. තුවාලකරුවන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.

භූමිකම්පාවෙන් හානි සිදුවී ඇත්තේ ඇෆ්ගන් පාකිස්කාන දේශසීමාවේ ඇෆ්ගනිස්තානයට අයත් කූනාර් පළාතේ, නාර්ගල් දිස්ත්‍රික්කයට අයත් පළාත්වලටය. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය භූමිකම්පාව හටගත්තේ කිලෝ මීටර් 8 ක් ගැඹුරින් පිහිටා ඇතැයි පැවැසෙයි.

ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එබැවින් භූමිකම්පා හටගැනීම ස්වභාවික ක්‍රියාවලියකි. අද (1) උදෑසන හටගත් මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඇෆ්ගනිස්තානයේ අසල්වැසියකු වන පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පවා දැණුනි. ඉස්ලාමාබාද් නුවර ගොඩනැගිලි පවා භූමිකම්පාවෙන් දෙදරා ගියේය.

ප්‍රධාන භූමිකම්පාවෙන් පසු රික්ටර් පරිමාණයේ ඒකක 4.5 ක් සහ 5.2 ක් සටහන් කළ අතුරු භූමිකම්පා ද හටගත් බව පැවැසෙයි.

භූමිකම්පාවත් සමඟ නායයෑම් හටගත් බවත්, විල් සහ ගංගාවල ඉවුරු කැඩී යෑමෙන් පළාත් කීපයක ජල ගැලීම් හටගත් බවත් වාර්තා වේ. නිවාස බොහොමයක් බිමට සමතලා වී ඇති බවත්, සුන්බුන් අතරේ සිරවුණු බොහෝ දෙනකු ඒවායේ සිටින බවත් පැවැසෙයි. විපතට පත්වූවන් මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ඇෆ්ගනිස්තානය කැලඹූ භූමිකම්පාව250 ක් බිලිගනී

chinthana Monday, 01 September 2025 12:33 PM

මුදවාගන්නේ පිරිමි විතරයි වගේ...

:       0       0

Jayasekara Monday, 01 September 2025 12:53 PM

බාමියන් බුදුපිළිම වහන්සේ ආරක්ෂාවයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 299 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site