(ඉන්දිකා රාමනායක)
2009 වසරේ දී ඇහැලියගොඩ කොස්ගහමූකලාන ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියකට අතරවර කර කැත්තකින් පහර දී ඝාතනය කර වසර 13ක් පුරා සැඟව සිටි ප්‍රධාන සැකකරු ඇහැලියගොඩ පලීගල ප්‍රදේශයේ දී නිවසක සැඟව සිටියදී ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.
ඝාතන සිද්ධියෙන් වසර 10 ට පසු සැකකරු සම්බන්ධයෙන් ලබාගත් ඩී.එන්.ඒ වාර්තා ගැලපීමත් සමගම සැකකරු ප්‍රදේශයෙන් පලගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වු බව කියයි. සැකකරු (39) හැවිරිදි දෙදෙරු පියෙකි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එවකට 15 හැවිරිදි වියේ පසු වු පියුමිකා මාධවී ජයසිංහ නැමැති සිසුවිය බවද පොලිසිය කියයි.
ඇහැලියගොඩ එල්ලාවල විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුවිය 2009.9.28 දින පාසල නිමවී නිවස බලා යමින් සිටියදී පා ස්ථානයක සැකකරු මෙම සිසුවියට අතරවර කර කැත්තකින් හිසට පහර දී ඝාතනය කර කන්දක් පාමුළට සිරුර විසිකර තිබියදී එවකට ඇහැලියගොඩ පොලිසිය විසින් මළ සිරුර ගොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇහැලියගොඩ සිසුවිය ඝාතනයේ සැකකරු වසර 13 පසු දැලේ