(සුජිත් හේවාජුලිගේ)
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ දාහතක් ලබන 22 වැනිදා මෙරටට ලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මෙරට පනස් හත් ලක්ෂයකට කොරෝනා මර්දන එන්නත මේවනවිට ලබාදී ඇතැයිද මේමාසයේ අවසන්වීමට පෙර බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයිද ඔහු සඳහන් කළේය.
කොරෝනා මර්දන එන්නත එහෙන් මෙහෙන් ගහන බවට සමහරුන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එන්නත ලබාදෙනුයේ විධිමත් වැඩපිළිවෙළකට අනුව බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
එන්නත්කරණයට යොදාගෙන ඇත්තේ සාමාන්‍ය සෙබළුන් නොව විවිධ සෞඛ්‍ය අංශයන්හි පුහුණුව ලැබූ හමුදා වෛද්‍ය සාමාජිකයන් බවත් ගහන හැම එන්නතකටම අප වගකිව යුතුවන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එන්නත්කරණයට අවශ්‍ය ප්‍රමාණවත් එන්නත් තොග රටේ පවතින බවද යුද හමුදාපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිසි විදියට ජනතාවට ලැබුණොත් ඇති
මම අද ගියා එන්නත ගහගන්න ගමේ පන්සලට... වැඩේ හරි අපූරුවට කෙරුණා. හරිම ක්‍රමවත්... පුදුමත් හිතුණා. බොහෝම හොඳට කෙරුණා...
අපේ දේශීය වෙද මහත්මයෙක් බෙහෙතක් හොයාගත්තා කියලා ගිය සතියේ තිබුණා. අපි හිතන්නේ ඒ මහත්මයාටයි, ගෙදර අයටයි... හදාගත්තු බෙහෙත් බොන්න වෙයි. ඉපදෙන්න ඉන්න අයටත් එක්ක එන්නත් ඕඩර් කරලා තියෙන්නේ. ජයවේවා...!!!
දරුවන්ට එන්නත් දී මිස පාසැල් ඇරඹීම ගැටළු ඇති කරන්නකි. මොඩර්නා වැනි ආරක්ෂිත එන්නතක් ඔවුන්ටම වෙන් කරන්න.