IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඇවන්ට් ගාඩ් සභාපති - විශ්‍රාමික කොමදෝරු රට පනිති

(මනෝප‍්‍රිය ගුණසේකර)

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති ‘ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ රටින් පිටව ගොස් ඇති බව රහස් පොලිසිය විසින් හෙළි කරගෙන ඇත.

ඔවුන් ඊයේ (4) පෙරවරුවේ සිංගප්පුරූව බලා පිටව ගොස් ඇති බව රහස් පොලිසිය විසින් හෙළි කරගෙන ඇති අතර ඒ බව නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාට වාර්තා කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන්නැයි ඉල්ලමින් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විමසන අවස්ථාවේදී ඔවුන් රටින් පිටව ගොස් ඇති බවද රහස් පොලිසිය විසින් වැඩිදුරටත් හෙළි කරගෙන ඇත.



අදහස් (31)

ඇවන්ට් ගාඩ් සභාපති - විශ්‍රාමික කොමදෝරු රට පනිති

chinthaka Friday, 05 July 2019 05:42 PM

හුරේ, දැන්නම් ෂුවර් ඡන්දයක් අත ළඟ, සංදර්ශන පවත්වද්දී රටේ මිනිස්සු දන්නවා ඉදිරි මාස හය ඇතුළත මැතිවරණයක් ෂුවර් කියලා...

:       86       708

දිමුත්Tuesday, 09 July 2019 06:33 AM

ඊලඟ ආණ්ඩුව ආවට පස්සේ මේ දෙන්නා ආයිත් එයි වගේ

:       0       0

dilan Friday, 05 July 2019 05:47 PM

එ්කෙත් හැටි, බදුර්දීන්ලා, අසාද් සාලිලා, හිස්බුල්ලලා, අර්ජුන් මහේන්ද්‍රන්ලා, රවීලා එළියේ, ජාත්‍යන්තර නැව්වලට ආරක්ෂාව දීලා රටට බිලියන ගණන් ඩොලර් ගෙනාව මිනිස්සු ඇතුලේ, එදා කටේ පිට්ටු හිරවෙලා තිබුණු නීතිපති ඔන්න දැන් නින්දෙන් නැගිටලා ඇත්තටම මෙහෙව් මිනිස්සු ඉන්න රටකට හරියයිද?

:       2872       2760

leel gunawardena Friday, 05 July 2019 05:56 PM

නරියන්ටත් වඩා කපටිකමක් කරලා බේරිලා තිබෙනවා. නමුත් ඇත්ත කවදත් ඇත්තමයි.

:       550       1259

රත්නායකSaturday, 06 July 2019 03:13 AM

ඇත්ත මෙන්න... මේ ආණ්ඩුව ඇවිල්ලා රටට විදේශ විනිමය කෝටි 1200ක් විතර හොයලා දීපු මිනිස්සු හිරේ දාන්න දඟලන ගමන් මහබැංකුව හොරා කෑවා. ඔය මුදල් රජයට ආවා නම් එ්වත් හොරාකනවා. ඒ මුදල් කොහොම හරි විදේශ විනිමය විදියට රටට ඇවිල්ලා රටේ පවුල් 2000 ක් විතර ජීවත් කෙරෙව්වා. ඒ ගැන කවුරුත් කතා නෑ.

:       1126       2111

RanjanSaturday, 06 July 2019 05:20 AM

අලාභයක් වුණා නං එය සංසන්දනය කරන්නේ කවර ව්‍යාපාරයක් සමගද? මෙවැනි ආදායමයක් මීට ප්‍රථම තිබුණද? රටට අාදායමක් ගේනවා.

:       43       125

Chanak los angelesSaturday, 06 July 2019 06:10 AM

ඉතින් හලෝ එහෙම පවුල් 2000ක් රක්ෂා කෙරෙව්වා නම් විදේශ විනිමයත් රටට හොයා දුන්නා නම් ඒවා ඔප්පුකර පෙන්වන්න ලෙහෙසියිනේ. එහෙම නොකර අත්අඩංගුවට ගන්න එපා කියමින් උසාවි නියෝග ඉල්ලුවෙයි, රොත්ත පිටින් රටෙන් පැන්නෙයි මොකටද? ඉස්සෙල්ලාම මහා හොරා අසනීපයි කියා සිංගප්පූරුවේ ඉස්පිරිතාලෙකට පැනගත්තා. ඊටපසුව ඉතිරි හොරුටික පැනගත්තා..

:       348       621

තාරපතිSaturday, 06 July 2019 06:38 AM

හොර අරක්කු පෙරණ එකෙනුත් රටට විදේශ විනිමය ඉතිරි වෙනවා.. පවුල් ගානකුත් රැකෙනවා.. ඒත් නීති විරොධී කටයුත්තක්.. නිවැරදි ක්‍රමයකට අදායම් ගෙනාවා නම් නඩු නිමිත්තක් තියෙන්න විදිහක් නෑ. කට්ටි පන්නින ඕනත් නෑ..

:       508       415

රත්නායක Saturday, 06 July 2019 10:12 AM

තාරපති.. මම කියන්නේ, කම්බ හොරු ටිකක් එකතුවෙලා රටට අතිවිශාල ආදායමක් ගෙනාපු දක්ෂයෙක් නිකන් හොරෙක් කරලා ඒ රටට ගෙනාපු ආදායමත් නැතිකරලා තව මහ බැංකුවත් හොරා කෑවා. ඒක අරක්කු පෙරනවා වගේ රටට හානියක් වුණු දෙයක් නෙවෙයි. එ් ක්‍රමයේ වැරැද්දක් තිබුණා නම් ඒක නිවැරදි කරලා තව ආදායම වැඩිකරන්න රජය උදව්වක්නේ දෙන්න තිබුනේ. නිකන් පලි ගන්නේ නැතිව...

:       221       623

රත්නායක Saturday, 06 July 2019 10:33 AM

චානක්.. ඔව් නේද මට අමතක වුණානේ... දැන් අධිකරණයත් හරිම ස්වාධීනයිනේ...

:       78       240

Saman Friday, 05 July 2019 07:50 PM

හැමදේටම කටදාන විජේදාස රාජපක්ෂ මොනවද දන්නේ නැහැ මේ ගැන කියන්නේ? මොකද එයානේ නිශ්ශංක සේනාධිපතිට නීති උපදෙස් දුන්නේ...?

:       315       110

Chathuri Saturday, 06 July 2019 02:39 AM

මෙහි නායකයා ගෝඨාත්... සිංගප්පූරුවේ විවේක සුව ගනිමින් ඉන්නවා නේද? ගෝඨාගෙන් ඇහුවා නම් ඉන්න තැන අහගන්න පුළුවන්... සමහරවිට මී ළඟ ජනාධිපති ගෝඨා කියලනේ හිතන් ඉන්නේ. නඩුව ඉවරයි කියලා කට්ටිය හිතන් ඇති. ගින්නක් නැතිව දුමක් නගින්නෙත් නැහැ. උදයංගත් හැංගිලා ඉන්නේ. ගෝඨා ආවාම එළියට එන්න..

:       716       408

Raveendra Saturday, 06 July 2019 02:46 AM

කව්රු හරි මේ ගොයියෝ කිපදෙනාව සාක්කුවල දාගෙන ගුවන් තොටුපළෙන් ගිහින් වගේ පේන්නේ... හරියට මාලයක්, මුද්දක් සාක්කුවල දාගෙන යනවා අගේ බලන්නකෝ එකෙත් හැටි... ඒ තක්කඩි ටිකත් ප්‍රමාණයෙන් මීයන්වගේ වෙන්න ඇති නේද?

:       2       24

Jayasri Saturday, 06 July 2019 03:06 AM

රටට සල්ලි ගෙන එන අය හිරේ.., රට විනාශ කරන අය එළියේ..

:       145       316

Chanak los angelesSaturday, 06 July 2019 04:24 PM

රටට නොවෙයි ඇවිත් තිබෙන්නේ. රටට ආවනම් නඩු දාන්නේ මොකටද? අදහස් වලින් මොවුන්ව නිර්දෝෂී කරලා වැඩක් නැහැනේ ඔවුන්ට නඩුවට ඇවිල්ලා ඔප්පු කරන්න කියන්නකෝ මේ සල්ලි ආවේ රටටයි කියලා ?

:       311       149

Jaya Saturday, 06 July 2019 03:41 AM

රටට අාදායමක් ගේනවා තියා මීට වැඩිය දරුණු වැරදි කරපු මිනිස්සු බොහොම යහතින් එළියේ ඉන්දැද්දී මේ මිනුස්සු මොකටද හිරේ යන්නේ? රට පැන්න එකම තමා හොඳ....

:       706       1461

Chanak Los Angeles Saturday, 06 July 2019 10:53 PM

හලෝ අපබ්‍රංශ දොඩවන්න එපා... රටට විදේශ විනිමය එනවා නම් අපිත් කැමතියි. මේ විදේශ විනිමය ඇවිල්ලා තිබෙන්නේ ඇවන්ගාඩ් ලොක්කන්ගේ සාක්කුවටයි. මේ මගඩිය එදා මිනිසුන් දුටුවා.. නමුත් කාටද පුළුවන්කම තිබුණේ පැමිණිලි කරන්න? මේ සමාගම දමා තිබෙන්නේ දැන් සිංගප්පූරු රෝහලක බොරුවට ප්‍රතිකාර ගන්න පුද්ගලයානේ. කව්රු හරි මේ ඇවන්ගාඩ් වංචාව එදා හෙළිකරන්න ගියානම් යන්න වෙන්නේ සුදු වෑන් එකකයි කියලා අමුතුවෙන් කියන්න ඕනෑද? රටේ කරතිබෙන වංචා, දූෂණයන් අනුව සාටකලා එළියට ඇවිත් බලය ඉල්ලන්න නොවේ... වටින්නේ ජනතාවගෙන් වහන්වෙලා මැදමූලනට වෙලා සදාකාලිකවම සැඟවෙන්නයි.

:       330       212

chandana Saturday, 06 July 2019 04:42 AM

ඩිලාන් ඔය අැවන්ගාර්ඩ් ගැන දනගෙනද කතා කරන්නේ? මොනතරම් හොරකම් කළාද කියා දන්නවද? එසේ නොකළා නම් රටින් පනින්නේ මොකටද? මෙයාලත් කලින්ම පනින්න කිය‍ල‍ා දැන් සංදර්ශන පවත්වනවා.

:       292       209

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 06 July 2019 07:24 AM

වැරදි නොකළ නිර්භීත මිනිසා හැන්ගෙන්නේ නැහැ. රට පනින්නේ නැහැ. පරීක්ෂණයට පෙනී ඉඳලා නම නිදහස් කර ගන්නවා..

:       413       239

රත්නායක Saturday, 06 July 2019 10:46 AM

ඔව්නේ, දැන් අධිකරණය හරිම ස්වාධීනයිනේ නේද?

:       2       180

Perera Saturday, 06 July 2019 07:32 AM

තව්හිද් ජමාත් කාරයෙක් නම් එයාපෝර්ට් එකෙන් පනිනකොටත් අල්ලලා ඇති.. මෙයා ඉතින් අපේ කෙනෙක්නේ...

:       40       117

Bamunuarachchi Saturday, 06 July 2019 09:06 AM

පාවෙන අවි ගබඩාවෙන් රටට පාඩුවක් වුනේ නැහැ. රටට අපරාධයක් වුනේ නැහැ. එමනිසා ඒ සභාපති රට පැන්නාට කමක් නැත. නමුත් විජාතිකයෙකු රටට ගෙන්වාගෙන ඔහු ලවා මහ බැංකුව කොල්ලකෑවා. එයාට රටින් පනින්න දීපු මේ පාදඩ නායකයින්ට රටට ආදායමක් ගෙනා අැවන්ගාඩ් සභාපති අල්ලා ගැනීමට ජනතාව ඉඩනොදිය යුතුය. සියල්ලන්ටම පළමුව මහේන්ද්‍රන් අල්ලාගෙන එන්න...

:       553       815

Chanak los angelesSaturday, 06 July 2019 04:16 PM

හොරු පමණක් ඔහොම හිතයි ..

:       225       117

Chanak los angelesSaturday, 06 July 2019 08:31 PM

පාඩුවක් නොකළා කියන්නේ කොහොමද හමුදාවේ කීපදෙනක් එකතු කරගෙන රාජ්‍ය සම්පත් යොදාගෙනයි එම ආයතනය ආරම්භ කරගෙන තිබෙන්නේ. හරි නම් රාජ්‍ය සම්පත් භාවිතා කරමින් යම්කිසි ආයතනයක් පටන් ගන්නවා නම් එහි පරිපාලනය හා ලැබෙන සම්පූර්ණ අාදායම ලැබෙන්න ඕනේ රජයටයි. මෙතන කරලා තිබෙන්නේ හොරුටික එම ආයතනයේ පරිපාලනය අතට ගෙන ලැබෙන ආදායමෙන් සොච්චමක් සේවකයින්ට ගෙවා සොච්චමක් රජයට පෙන්වා වැඩි කුට්ටිය හොරුන් අතරේ බෙදා ගැනීමක්.... හොරු හිතුවේ නැහැ ආණ්ඩුව පරදියි කියා. ඒක නිසා වංචාව දිගටම අරන් ගියා.... මේවා බොරු නම් නීතිය ඉදිරියට ඇවිල්ලා ඔප්පු කරන ලෙස අපි අභියෝග කරනවා. එහෙම හොරුටික සුද්ද කරලා කමෙන්ට් ලීවට වැඩක් වෙන්නෙම නැහැ...

:       315       173

BamunuarachchiMonday, 08 July 2019 05:19 AM

ඇවන්ට් ගාඩ් සිද්ධියෙන් පොලි අනුපාත වැඩි උනෙත් නැහැ, ආර්ථිකය කඩා වැටුනෙත් නැහැ, රුපියල බාල්දු උනෙත් නැහැ. මහා බැංකු හොරකම නිසා පොලී අනුපාත වැඩි උනා. ආර්ථිකය කඩාවැටුනා රුපියල බාල්දු උනා. රට නන්නත්තාර උනා.

:       2       56

Chanak los angeles Saturday, 06 July 2019 09:09 PM

මොවුන් පැනලා තිබෙන්නේ සිංගප්පූරුවටලු නේද? එහෙනම් අර මහහොරා ඉන්නවා කියන වාට්ටුවේම ඇඩ්මිට් වෙලා ඇති වගේ...

:       29       211

Chanak los angeles Saturday, 06 July 2019 09:32 PM

අපි වගේ ජීවිතය ලස්සනට ගෙවන්න බැරිව බයවෙලා එකඑක තැන්වලට පැනලා හැංගිලා ඉන්න සිද්ධ වෙලා නේද? මොන පව්කාරකමක්ද මේ..? ඕකතමයි කියන්නේ අසාධාරණ ලෙස පොහොසත් වීමෙන් ලැබෙන ප්‍රතිඵල කියලා....

:       411       222

BamunuarachchiMonday, 08 July 2019 05:25 AM

මොකක්ද හලෝ ඔහේගේ ලස්සන ජීවිතේ? ඔහෙත් හොරකමක් කොරලා නේද ලොස් අන්ජලස්වල හිරගෙදර ඉන්නේ. ඔහේට ගෙදරට වඩා ඔය හිර ගෙදර අල්ලන්න ඇති. ඒ මිනිසුන්ට මොන සල්ලිද බොහොම දුප්පත් අය. කාගේවත් පව්කාර කම හොයන්නේ නැතිව තමන්ගේ හිරේ ඉන්න කාලය හොඳට ගෙවන්නකෝ.

:       1       156

Chanak los angelesMonday, 08 July 2019 03:57 PM

අන්ජලස් නොවෙයි මෝඩ බමුණෝ ඇන්ජලීස්... මගේත් එක්ක තමයි හිරේ එකට ඉන්නේ සාටකලාගේ මිග් ගනුදෙණු කළේ... උදයංගත් තානාපති නිලනිවසේ කොමිස් කුට්ටි ගත්තනේ... ජාලියවත් ඒක දන්නේ නැතිද ?

:       0       0

Vijayabahu Monday, 08 July 2019 08:58 AM

මේකෙ කමෙන්ට් දාන හැත්ත කුඩු ගහලද කොහෙද ඉන්නේ? කවද්ද ලංකාවේ "ඇත්ත"ට තැනක් ලැබුනේ? ඔක්කොම තීන්දු තීරණ දේශපාලුවන්ට වාසියට විතරයි. හැමදාම නිකන් ආධාර වලින් කන්න බොන්න බලන් ඉන්න කම්මැලි හැත්තක් ඉන්න මේ අවාසනාවන්ත රටේ මේ වෙන ඒවා මැජික් නෙවේ. ආණ්ඩු පෙරලන්න දීපු උදව්වලට ඉන්දියාවට දීපු තවත් එක තුටු පඬුරක් තමයි මේ. ඇවන්ට් ගාඩ් නැවේ කපිතාන් නඩුත් නැතිව ලංකාවේ අමානුෂික විදිහට හිර කරන් ඉන්න බව දන්නවද? මේක ආසියාවේ මෝඩ ආශ්චර්යය නොහොත් ලෝකයේ මෝඩ චූන් දූපත බව මතක තියා ගනිල්ලා...

:       1       121

Adiri Tuesday, 09 July 2019 09:04 AM

නැවේ කැප්ටන් හිර කරලා ඇයි ? පොලිස්පති පිටින් සේරම අරිය වගේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටුකෙන්ද මිහිඳු සිසු නයුවෝ
2025 මැයි මස 14 6 0

වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.


කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 86 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 483 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා
2025 මැයි මස 14 308 0

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ


ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී
2025 මැයි මස 14 577 0

ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ


ධාවනය වූ බසයේ රෝදයක් ගැලවෙයි :හතරක් රෝහලට
2025 මැයි මස 14 523 0

නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1330 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1564 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 406 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site