(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති ‘ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ රටින් පිටව ගොස් ඇති බව රහස් පොලිසිය විසින් හෙළි කරගෙන ඇත.
ඔවුන් ඊයේ (4) පෙරවරුවේ සිංගප්පුරූව බලා පිටව ගොස් ඇති බව රහස් පොලිසිය විසින් හෙළි කරගෙන ඇති අතර ඒ බව නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාට වාර්තා කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන්නැයි ඉල්ලමින් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විමසන අවස්ථාවේදී ඔවුන් රටින් පිටව ගොස් ඇති බවද රහස් පොලිසිය විසින් වැඩිදුරටත් හෙළි කරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ, දැන්නම් ෂුවර් ඡන්දයක් අත ළඟ, සංදර්ශන පවත්වද්දී රටේ මිනිස්සු දන්නවා ඉදිරි මාස හය ඇතුළත මැතිවරණයක් ෂුවර් කියලා...
එ්කෙත් හැටි, බදුර්දීන්ලා, අසාද් සාලිලා, හිස්බුල්ලලා, අර්ජුන් මහේන්ද්‍රන්ලා, රවීලා එළියේ, ජාත්‍යන්තර නැව්වලට ආරක්ෂාව දීලා රටට බිලියන ගණන් ඩොලර් ගෙනාව මිනිස්සු ඇතුලේ, එදා කටේ පිට්ටු හිරවෙලා තිබුණු නීතිපති ඔන්න දැන් නින්දෙන් නැගිටලා ඇත්තටම මෙහෙව් මිනිස්සු ඉන්න රටකට හරියයිද?
නරියන්ටත් වඩා කපටිකමක් කරලා බේරිලා තිබෙනවා. නමුත් ඇත්ත කවදත් ඇත්තමයි.
හැමදේටම කටදාන විජේදාස රාජපක්ෂ මොනවද දන්නේ නැහැ මේ ගැන කියන්නේ? මොකද එයානේ නිශ්ශංක සේනාධිපතිට නීති උපදෙස් දුන්නේ...?
මෙහි නායකයා ගෝඨාත්... සිංගප්පූරුවේ විවේක සුව ගනිමින් ඉන්නවා නේද? ගෝඨාගෙන් ඇහුවා නම් ඉන්න තැන අහගන්න පුළුවන්... සමහරවිට මී ළඟ ජනාධිපති ගෝඨා කියලනේ හිතන් ඉන්නේ. නඩුව ඉවරයි කියලා කට්ටිය හිතන් ඇති. ගින්නක් නැතිව දුමක් නගින්නෙත් නැහැ. උදයංගත් හැංගිලා ඉන්නේ. ගෝඨා ආවාම එළියට එන්න..
කව්රු හරි මේ ගොයියෝ කිපදෙනාව සාක්කුවල දාගෙන ගුවන් තොටුපළෙන් ගිහින් වගේ පේන්නේ... හරියට මාලයක්, මුද්දක් සාක්කුවල දාගෙන යනවා අගේ බලන්නකෝ එකෙත් හැටි... ඒ තක්කඩි ටිකත් ප්‍රමාණයෙන් මීයන්වගේ වෙන්න ඇති නේද?
රටට සල්ලි ගෙන එන අය හිරේ.., රට විනාශ කරන අය එළියේ..
රටට අාදායමක් ගේනවා තියා මීට වැඩිය දරුණු වැරදි කරපු මිනිස්සු බොහොම යහතින් එළියේ ඉන්දැද්දී මේ මිනුස්සු මොකටද හිරේ යන්නේ? රට පැන්න එකම තමා හොඳ....
ඩිලාන් ඔය අැවන්ගාර්ඩ් ගැන දනගෙනද කතා කරන්නේ? මොනතරම් හොරකම් කළාද කියා දන්නවද? එසේ නොකළා නම් රටින් පනින්නේ මොකටද? මෙයාලත් කලින්ම පනින්න කියලා දැන් සංදර්ශන පවත්වනවා.
වැරදි නොකළ නිර්භීත මිනිසා හැන්ගෙන්නේ නැහැ. රට පනින්නේ නැහැ. පරීක්ෂණයට පෙනී ඉඳලා නම නිදහස් කර ගන්නවා..
තව්හිද් ජමාත් කාරයෙක් නම් එයාපෝර්ට් එකෙන් පනිනකොටත් අල්ලලා ඇති.. මෙයා ඉතින් අපේ කෙනෙක්නේ...
පාවෙන අවි ගබඩාවෙන් රටට පාඩුවක් වුනේ නැහැ. රටට අපරාධයක් වුනේ නැහැ. එමනිසා ඒ සභාපති රට පැන්නාට කමක් නැත. නමුත් විජාතිකයෙකු රටට ගෙන්වාගෙන ඔහු ලවා මහ බැංකුව කොල්ලකෑවා. එයාට රටින් පනින්න දීපු මේ පාදඩ නායකයින්ට රටට ආදායමක් ගෙනා අැවන්ගාඩ් සභාපති අල්ලා ගැනීමට ජනතාව ඉඩනොදිය යුතුය. සියල්ලන්ටම පළමුව මහේන්ද්‍රන් අල්ලාගෙන එන්න...
මොවුන් පැනලා තිබෙන්නේ සිංගප්පූරුවටලු නේද? එහෙනම් අර මහහොරා ඉන්නවා කියන වාට්ටුවේම ඇඩ්මිට් වෙලා ඇති වගේ...
අපි වගේ ජීවිතය ලස්සනට ගෙවන්න බැරිව බයවෙලා එකඑක තැන්වලට පැනලා හැංගිලා ඉන්න සිද්ධ වෙලා නේද? මොන පව්කාරකමක්ද මේ..? ඕකතමයි කියන්නේ අසාධාරණ ලෙස පොහොසත් වීමෙන් ලැබෙන ප්‍රතිඵල කියලා....
මේකෙ කමෙන්ට් දාන හැත්ත කුඩු ගහලද කොහෙද ඉන්නේ? කවද්ද ලංකාවේ "ඇත්ත"ට තැනක් ලැබුනේ? ඔක්කොම තීන්දු තීරණ දේශපාලුවන්ට වාසියට විතරයි. හැමදාම නිකන් ආධාර වලින් කන්න බොන්න බලන් ඉන්න කම්මැලි හැත්තක් ඉන්න මේ අවාසනාවන්ත රටේ මේ වෙන ඒවා මැජික් නෙවේ. ආණ්ඩු පෙරලන්න දීපු උදව්වලට ඉන්දියාවට දීපු තවත් එක තුටු පඬුරක් තමයි මේ. ඇවන්ට් ගාඩ් නැවේ කපිතාන් නඩුත් නැතිව ලංකාවේ අමානුෂික විදිහට හිර කරන් ඉන්න බව දන්නවද? මේක ආසියාවේ මෝඩ ආශ්චර්යය නොහොත් ලෝකයේ මෝඩ චූන් දූපත බව මතක තියා ගනිල්ලා...
නැවේ කැප්ටන් හිර කරලා ඇයි ? පොලිස්පති පිටින් සේරම අරිය වගේද ?