
(සරත් නිශ්ශංක වෙලගෙදර)
ඇලහැර සෑගල විදුහලට අද පෙරවරුවේ කඩාවැදුන වන අලියකු කාන්තාවකට පහරදි ඇති අතර පාසල් සිසුන් පන්ති කාමරයට දුව ගොස් ජීවිත බේරා ගත් බව විදුහල් ආරංචි මාර්ග කියයි.
වන අලියාගේ පහරදිමෙන් තුවාල ලැබු කාන්තාව බකමුණ රෝහලට ඇතුලත්කර ඇත.
පාසලේ පන්ති කාමරය අතු ගා නැවත මිදුලට පැමිණෙද්දී වන අලියා එම කාන්තාව පහරදි ඇත. ඒ අවස්ථාවේ මිදුලේ සෙල්ලම් කරන දරුවන් පන්තිවලට යන ලෙස ඇය කෑ ගසා ඇත. ඒ අවස්ථාවේ දරුවන් පන්තිවලට දිවගොස් ජීවිත බේරාගෙන ඇත.
වන අලියාගේ පහදිමෙන් තුවාල ලැබු මව ගුරුවරු සහ ගම්වැසියන් මැදහත්ව බකමුණ රෝහලට ගෙනැවිත් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී එකේ අයට බැරිද ගම් වදින අලින්ව නිර්වින්දනය කරලා බෙල්ලේ සීනුවකුත් බඳින්න.