(රෝෂන් තුෂාර)
රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාවට වරදකරු වී මාස හයක සිරදඬුවමක් ලැබූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනාට තවත් බදු නඩුවක් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පැවරීය.
ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ 2019 හා 2020 වර්ෂයන්ට අදාළව රුපියල් 1035473988.47(රුපියල් කෝටි103ක්) ක වැට් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් අර්ජුන ඇලෝසියස් හා ඇන්ටනී රන්දෙව් රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන් යන අය වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා ඇත.
2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නඩුව පවරා ඇති අතර මීට ඉහතදී 2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු වැට් බදු මුදල වන රුපියල් බිලියන 3.5ක්(3555488597)නොගෙවීම සම්බන්ධයෙන් නඩු පවරා සිරදඬුවම් නියම කර තිබිණි.
2019 හා 2020 වර්ෂ වලට අදාළව වැට් බදු නොගෙවීම සම්බන්ධයෙන් වන නව පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඉදිරියේ කැඳවූ අතර වග උත්තරකරුවන්ට ඔක්තෝබර් මස 13 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කළාය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇලෝසියස් ට තවත් බදු නඩුවක්