
(පාලිත ආරියවංශ)
පාසල් නිවාඩුවත් සති අන්ත නිවාඩුවත් නිසා ඉතා සොදුරු ගමනාන්තයක් ලෙස ප්‍රකට ඇල්ල සංචාරක කලාපය ඉකුත් දින දෙක පුරා සංචාරකයන්ගෙන් පිරි පැවතිණ.
විශේෂයෙන්ම දේශීය සංචාරකයන් දරු පවුල් පිටින්ම සංචාරයට පැමිණ සිටියහ.
දුම්රිය ගමන ,( නයින්ආච්ච් )ආරුක්කු නමය පාලම , සහ රාවණා දියඇල්ල මෙම සංචාරකයන්ගේ වැඩි ආකර්ශනය දිනා තිබිණ.
සංචාරකයන්ගේ පැමිණීම වැඩිවිමත් සමග තම ආදායම්ද ඉහළ ගොස් ඇතැයි රාවණාඇල්ල ආශ්‍රිතව විසිතුරු භාණ්ඩ , අඹ සහ බඩ ඉරිගු විකුණන වෙළඳුන් පැවසූහ.
කෙසේ නමුත් රාවණාඇල්ල ආශ්‍රිතව ඇතමුන් ඉතා අවදානම් ඉසව්වල සිට ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගන්නා අයුරු අපට දක්නට ලැබිණ.
මෙම ස්ථානයේ දිය නෑම සහ ගල්මතනැගීම තහනම් කර ඇතත් එම තහනම හෝ අවධානම නොතකා කුඩා දරුවන් සමග ගල්මතට නගින අයුරුද දක්නට ලැබිණ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ඉක්මනින් විධිමත් සංචාරක නියාමන ක්‍රමවේදයක් ලංකාවට අවශ්‍යයයි. නැතිනම් පරිසරයටත්, සංචාරක ආකර්ෂණයටත් වෙන හානිය COVID වලට වඩා දරුණු දිගුකාලීන ප්‍රශ්නයක් වෙයි. හොඳම උදාහරණය තායිලන්තයේ Maya Bay. ඔවුන්ට දිගු කාලයක් (2020 -2022) වෙරළ වසා දාන්න සිදුවුණා.. පිරිසිදු කරන්න සහ ඒ පරිසරයට නැවත ජීවය ගන්න. දැන් ඔවුන් සංචාරක නියාමනය කරනවා නැවතත් එවැනි දෙයක් සිදු නොවීමට...
මමත් ඔය ආරුක්කු නවය පාලම බලන්න ගියා... බලා ආපසු එද්දී තරමක වැස්සකට හසුවුණා... පාලම බලන්න පහළට බහින්න තියෙන පාරත් ප්‍රධාන පාරත් සම්බන්ධ වන ස්ථානයේ පහළට බහිනවිට දකුණු පැත්තේ කඩයේ සෙවණට බොහෝදෙනෙක් ගියා... එවිට තරමක් මිටි මහත කඩය හිමි ගැහැනිය වැස්සෙන් පිහිටක් පතාගෙන සෙවන සෙවූ සැමටම කිවනොහැකි තරමින් තිත්තකථා කියමින් බැන එම ප්‍රදේශයේ ජනතාවගේ හැටිද කියලා හිතුනත් එසේ නොවන බව තේරුණේ අනෙක් මුදලාලිලා එහෙම නැතිනිසා තමයි. ඒත් වැස්ස වෙලාවේ මුත්‍ර පිටවීම වැඩිපුර සිදුවීමෙන් ගසාකෑමක්ද කළ කාන්තාවක් වැසිකිලි යන අයගෙනුත් කිසිම පහසුකමක් නැති වැසිකිළියට යාම වෙනුවෙන් රුපියල් 50/= ක් අයකළා හරිම කැතයි. හිරිකිතයි සංචාරයේ යෙදෙන අයගේ දැනගැනීමට ඉදිරිපත් කලේ දේශීය ජනතාවගේ ප්‍රයෝජනයට බව කාරුණිකව සලකන්න...
ඔය වගේ ගැහැණුන් ව පන්නලා දාන්න තියෙන්නේ
ඔය කියන කතාව හොඳයි කිසිම හැසිරීමක් නැති මිනිස්සුන්ව එළවනවා තමයි.