( පුෂ්පකුමාර ජයරත්න)
බලපත්‍ර රහිතව නීති විරෝධී ආකාරයට දැදුරු ඔයෙන් ගොඩ දමන ලද වැලි තොගයක් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන යමින් සිටියදී ආරක්ෂාව බාරව ගිය පොලිස් නිලධාරීන් පිරිසක් එම වැලි තොගයෙන් කොටසක් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් තිස්සව ප්‍රදේශය හරහා ගලා බසින දැදුරු ඔයෙන් මෙම වැලි තොගය නීති විරෝධි ලෙස ගොඩ දමා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කුරුණෑගල පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකයක නිලධාරීන් පිරිසක් විසින් එම වැලි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්ම ශාලාව ඉදි කිරීම සඳහා බව කියමින් පෞද්ගලික ඉඩමක් හරහා කියුබ් 35 කට ආසන්න වැලි තොගයක් ගොඩ දමා තිබූ අතර ආගමික කටයුත්තකට වුවද බලපත්‍ර රහිතව එම වැලි ගොඩ දැමීම සිදු කර තිබූ බැවින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වැටළීම මෙහෙයවූ පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.
ඉන් පසුව එම වැලි තොගය අධිකරණමය කටයුතු සඳහා ලොරි කීපයක පටවා වැල්ලව පොලීසිය වෙත රැගෙන එමින් සිටියදී එම ලොරි වල ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් නිලධාරියකු හෝ නිලධාරීන් කීප දෙනකු එක්ව හොර රහසේ වැලි විකුණා ඇති බවට අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයදේම තමයි අල්ලන කුඩුවලටත් වෙන්නේ...!
ආර්ථික ප්‍රශ්න දැන් හැමෝටම තදින්ම දැනෙනවා.
මුන් බඩගෝසතරවාදීම තමයි.