IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇල්ලූ වැලිවලින් කොටසක් පොලිසිය විකුණලා

( පුෂ්පකුමාර ජයරත්න)

බලපත්‍ර රහිතව නීති විරෝධී ආකාරයට දැදුරු ඔයෙන් ගොඩ දමන ලද වැලි තොගයක් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන යමින් සිටියදී ආරක්ෂාව බාරව ගිය පොලිස් නිලධාරීන් පිරිසක් එම වැලි තොගයෙන් කොටසක් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් තිස්සව ප්‍රදේශය හරහා ගලා බසින දැදුරු ඔයෙන් මෙම වැලි තොගය නීති විරෝධි ලෙස ගොඩ දමා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කුරුණෑගල පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකයක නිලධාරීන් පිරිසක් විසින් එම වැලි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්ම ශාලාව ඉදි කිරීම සඳහා බව කියමින් පෞද්ගලික ඉඩමක් හරහා ⁣කියුබ් 35 කට ආසන්න වැලි තොගයක් ගොඩ දමා තිබූ අතර ආගමික කටයුත්තකට වුවද බලපත්‍ර රහිතව එම වැලි ගොඩ දැමීම සිදු කර තිබූ බැවින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වැටළීම මෙහෙයවූ පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.

ඉන් පසුව එම වැලි තොගය අධිකරණමය කටයුතු සඳහා ලොරි කීපයක පටවා වැල්ලව පොලීසිය වෙත රැගෙන එමින් සිටියදී එම ලොරි වල ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් නිලධාරියකු හෝ නිලධාරීන් කීප දෙනකු එක්ව හොර රහසේ වැලි විකුණා ඇති බවට අනාවරණය වී තිබේ.

 



අදහස් (3)

ඇල්ලූ වැලිවලින් කොටසක් පොලිසිය විකුණලා

පැරකුම් Sunday, 26 February 2023 05:19 PM

ඔයදේම තමයි අල්ලන කුඩුවලටත් වෙන්නේ...!

:       0       14

නිශාන්ත Monday, 27 February 2023 02:10 AM

ආර්ථික ප්‍රශ්න දැන් හැමෝටම තදින්ම දැනෙනවා.

:       0       0

Kumara Monday, 27 February 2023 02:48 AM

මුන් බඩගෝසතරවාදීම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site