
(රසාද් රුක්මල්)
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑසන 6.00 වනතෙක් වසා දමන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
අද (14) අලුයම කන්දක් එක්වරම වර්ෂාවත් නොමැතිව මෙසේ නායයාම ට පටන් ගෙන ඇති බවත් , විශාල ගස්කොළන් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටී මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව තිබු බවත් ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා සදහන් කලේය .
මෙම ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් පරික්ෂාවට ලක්කිරිමෙන් අනතුරුව මෙම ස්ථානය තව දුරටත් නායයාම සක්‍රිය වෙමින් පවතින බවට දැනුම් දී ඇත.
නායයාම සක්‍රිය වෙමින් පවතින මෙම ස්ථානයේ ගස්කොළන් රැසක් පස්කඳු ගල්පර්වත සමග ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ දැඩි අවධානමක් තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි