
(එම්.සුසිල් පියන්ත, ජනක් ද සිල්වා සහ චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය මූලික රෝහලේ තුන් වැනි මහලෙන් වැටී අද(10) අලුයමදී පුද්ගලයකු මිය ගොස් ඇති බව ඇල්පිටිය පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කරන්දෙණිය කිරිපේද්දේ පදිංචි අසූ එක් හැවිරිදි පිරිමි අයෙක් බවද පොලීසිය කියයි.
ඇල්පිටිය මූලික රෝහලෙන් නේවසිකව පතිකාර ලබා ටිකට් කැපූ අයෙකු මේ අනතුරට ලක්වී ඇති බවද පොලීසිය කියයි.
ටිකට් කැපූ මේ පුද්ගලයා නිවසට නොගොස් රෝහල් තෙමහල් පැන්නාද නැත්නම් වැටුණාද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
ඇල්පිටිය පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වයි.
COMMENTS