(ඩී.ජී.සුගතපාල , ඩී.ජේ.විජේසිංහ)
ඇල්පිටිය යක්බටේකන්ද ප්‍රදේශයේ ළිඳක් අසළ තිබි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය ඇල්ල යක්බටේකන්ද පදිංචි 39හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ තොරතුරක් අනුව මියගිය පුද්ගලයා පදිංචිව සිටි නිවසේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි ළිඳ ළඟ තිබි මළ සිරුර සොයාගෙන ඇත.
පොලිසිය පවසන්නේ ළිඳට සවිකර ඇති වතුර මෝටරය අලුත් වැඩියා කිරිමට යාමේදි විදුලි සැර විදි මිය යන්නට ඇතියි සැක කරන බවය.
මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය ඇල්පිටිය රෝහලේදි අද(02) පැවැත්විමට නියමිතය.
COMMENTS
මේ පිළිබඳව ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක අනුර ඕපාත මහතා සිද්ධිය වූ ස්ථානය ට ගොස් පරීක්ෂණ පවත්වා ඇත. මෙය අභිරහස් මරණයක් නොවේ. විදුලිය වැදීමෙන් සිදු වී ඇති මරණයක් බවයි ඔහු සදහන් කලේ. මම මෙම වාර්තා ව සම්පුර්ණයෙන් එවා ඇත.