ඇමෙරිකා උප ජනාධිපති ජේඩී වැන්ස් සහ ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගාර් ගලිබාෆ්ගේ ප්‍රධානත්වයෙන් ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් නිවාඩු නිකේතනයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකා උප ජනාධිපති ජේඩී වැන්ස් සහභාගී නොවන බව ධවල මන්දිරය පවසයි.

බර්ගන්ස්ටොක් නිවාඩු නිකේතනයේ එම හමුව අද (19) පැවැත්වීමට නියමිතය. ඒ, ට්‍රම්ප්ගේ ප්‍රධාවත්වයෙන්, ඇමෙරිකාවත් ඉරානයත් අතරේ අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අදාළවය.

ඇමෙරිකා උප ජනාධිපති ජේඩී වැන්ස්, ස්විට්සර්ලන්තයට නොයන බව නිවේදනය කිරීමත් සමග විදෙස් මාධ්‍ය පුවත් ප​ළ කළේ ඇමෙරිකා ඉරාන ගිවිසුම අහෝසි වූ බවය. කෙසේ නමුත්, එවැන්නක් ධවල මන්දිරය මෙතෙක් තහවුරු කර නැත.

ඉරාන පාර්ශ්වය ද මේ සම්බන්ධයෙන් කසිවක් පවසා නැත.