( තිළිණි ද සිල්වා)
කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ඇතුළු රටවල් කිහිපයකට ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපද රජය පියවර ගත්තේය
ශ්‍රී ලංකාව, මාලදිවයින සහ පාකිස්තානය යන රටවල් සඳහා මෙම හදිසි වෛද්‍ය සැපයුම් තොගය ලබාදීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙරට සෞඛ්‍ය අංශ සඳහා අවශ්‍ය පුද්ගලික ආරක්ෂක ඇදුම් කට්ටල 880,000ක් , ඊට අමතරව හෘද ස්පන්දනය මැනීම සඳහා වන ඔක්සිමීටර 1,200 ක් ද මෙම හදිසි වෛද්‍ය සැපයුම් අතර වන බවද රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සදහන් වේ.
විශේෂ ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවට ඇතුළ එම රටවලට එවා ඇති එම වෛද්‍ය ආධාරවල වටිනාමකම ඇමෙරිකා ඩොලර් මිලියන 6ක් පමණ වේ.
මීට අමතරව ඉදිරි සති කිහිපය තුළ දකුණු ආසියානු රටවලට තවත් සෞඛ්‍ය ආධාර තොගයක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු ඒජන්සිය හරහා ලබාදීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි... සල්ලි දෙන්නේ නැතිව උපකරණ ලබාදීම..
ආයුධ වෙනුවට බටහිර බෙහෙත් සහ අන්තර්ජාල ව්‍යාපාරයක්..
බැසිල් ඇමෙරිකාවේ නේද? ඇමෙරිකාවට බේරෙන්න බැරුව ඇති පොල්කට්ටත් අරන් උදේ ඉඳන් රෑ වෙනකන් ධවල මන්දිරේ වටේ කැරකෙනවා ඇති. කොයි වෙලාවක හරි හිඟන්නන් ඉන්න කඳවුරකට ගෙනිහින් දානවා සිකුරුයි. ඒත් ඉතින් ඔය ටික ඉල්ලා ගත්තු එකත් වටිනවා. සජිත් කළින් දැනගත්තා නම් ඔහොම දෙයක් දෙන්න යනවා කියලා ඇමෙරිකන් තානාපති ගෙදරට ගෙනැල්ලා ඉල්ලීමකුත් කරලා පත්තරේ දානවා පින්තූරයක් එක්කලා..
ඇමරිකන් කාරයෝ නම් ශත පහකට විශ්වාස කරන්න හොඳ නෑ, ඔය ටික දීලා මොන උප්පරවැට්ටියක් අටවයිද දන්නෙ නෑ. බෙල්ලට තොන්ඩුව දාන ගමන් ඔක්සිජන් දෙන ජාතියක්.
අධිරාජ්‍යවාදීන්ගේ සීනිබෝල අපිට එපා... මව්බිම පෙරට... අධිරාජ්‍යවාදය පරාජය කරමු.
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්.. මේක ජාත්‍යන්තර ගේමක්