IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඇමෙරිකාවට මෙරට භූමිය පරිහරණය කරන්න අවසරය දුන්නේ මහින්ද රාජපක්ෂ

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

ඇමෙරිකාවට මෙරට භූමිය, ගුවන මෙන්ම මුහුදු සීමාව පරිහරණය කිරීමේ අවසරය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී අත්සන් කළ ඇක්සා ගිවිසුම මගින් බව ජනතා විමුක්ති පෙරමුණු  මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

2007 වසරේ ජූලි මාසයේ අත්සන් කළ එම ගිවිසුමට ශ්‍රී ලංකාව නියොජනය කරමින් අත්සන් තැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට මේ වන විටත් ඇමෙරිකානු ‍යුද නැව් පැමිණෙන්නේ එම ගිවිසුම අනුව විය හැකි බව කී මන්ත්‍රීවරයා අද එම නැව් ගැන කතාකරන මන්ත්‍රීවරුන් ගිවිසුම අත්සන් කළ කාලයේ නිහඬව සිටි බවද කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන රසායනික අවි සම්මුතිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ එම ගිවිසුම අත්සන් කළ සමයේ ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාගෙන්  තමන් ඒ ගැන විමසීමක් කළ බවයි.

එම ගිවිසුමට තමන් අත්සන් නොකරන නිසා කලබල නොවන ලෙසත්, ආරක්ෂක ලේකම්වරයා හා තානාපතිවරයකු අත්සන් කරන එම ගිවිසුම වලංගු එකක් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බවත් නානායක්කාර මහතා කීවේය.

එහිදී නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම ගිවිසුම වලංගුද නැද්ද යන්න ගැන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ යුතු බවයි. 

 



අදහස් (0)

ඇමෙරිකාවට මෙරට භූමිය පරිහරණය කරන්න අවසරය දුන්නේ මහින්ද රාජපක්ෂ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site