



ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (21) කොළඹ වරායට සේන්දු විය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
දිගින් මීටර් 185 කින් යුක්ත මෙම නෞකාව ටොන් 18000 ක ධාරිතාවයකින් යුක්ත වේ. එම නෞකාවේ නිලධාරීන් සහ නාවිකයන් 380 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.
තවද නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කමාන්ඩර් ආර්.සී ට්‍රයන් මහතා කටයුතු කරයි.
‘රුෂ්මෝර්’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.
එළඹෙන දෙසැම්බර් 26 වැනි දා මෙම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
(28535)
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තියන වරායවල වටිනා කම පේනවා නේද? රුසියානු යුධ නැවු තුනක් දැනට කොළඹ වරායේ. ඇමරිකාවත් ඇවිල්ල. චිනේත් දකුනෙලු මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ සතියක් ඇතුලත.
අනේ මන්ද ඇමෙරිකාවේ උනාට මලකඩකාපු එකක්නේ .
මෙහෙමයි ඔය යමුනා නෞකාව තියෙන වෙලාවේ මේක ගෙන්න ගත්ත එක වැරදියි. වැරදිලාවත් දෙගොල්ලෝ වෙඩි පත්තු කරගත්තොත්? 3 වන ලෝක යුද්දේ අපි පටන් ගත්ත්ටා කියලා දොස් අහන්න වෙයි