IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ ‘රුෂ්මෝර්’ නෞකාව කොළඹ වරායට

 

 

 

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (21) කොළඹ වරායට සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

දිගින් මීටර් 185 කින් යුක්ත මෙම නෞකාව ටොන් 18000 ක ධාරිතාවයකින් යුක්ත වේ. එම නෞකාවේ නිලධාරීන් සහ නාවිකයන් 380 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.

තවද නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කමාන්ඩර් ආර්.සී ට්‍රයන් මහතා කටයුතු කරයි.

‘රුෂ්මෝර්’ නෞකාව දිව‍යිනේ රැඳී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.

එළඹෙන දෙසැම්බර් 26 වැනි දා මෙම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

(28535)

ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය



අදහස් (3)

ඇමෙරිකාවේ ‘රුෂ්මෝර්’ නෞකාව කොළඹ වරායට

රවින් Saturday, 22 December 2018 12:02 AM

අපේ රටේ තියන වරායවල වටිනා කම පේනවා නේද? රුසියානු යුධ නැවු තුනක් දැනට කොළඹ වරායේ. ඇමරිකාවත් ඇවිල්ල. චිනේත් දකුනෙලු මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ සතියක් ඇතුලත.

:       0       1

jayasena Saturday, 22 December 2018 01:51 AM

අනේ මන්ද ඇමෙරිකාවේ උනාට මලකඩකාපු එකක්නේ .

:       0       0

මානෙල් අනෝදා Saturday, 22 December 2018 06:08 AM

මෙහෙමයි ඔය යමුනා නෞකාව තියෙන වෙලාවේ මේක ගෙන්න ගත්ත එක වැරදියි. වැරදිලාවත් දෙගොල්ලෝ වෙඩි පත්තු කරගත්තොත්? 3 වන ලෝක යුද්දේ අපි පටන් ගත්ත්ටා කියලා දොස් අහන්න වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site