
(සුජිත් හේවාජුලිගේ )
දේශපාලනික අර්බූදය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඔස්සේ විසඳාගෙන සියලු පක්ෂ එකතු වූ රජයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වනු දැකීම ඇමරිකා එක්සත් ජනපදයේ අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අද (28) පැවසීය.
ඇය මෙසේ පැවසුවේ අගමැතිවරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (28) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
ඇමරිකාව ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා වෙළෙඳ සබඳතා දීර්ඝ කාලීනව සහ අඛණ්ඩව පවත්වාගෙන යෑම අග්‍රාමාත්‍යවරයා අගය කළේය.
ශ්‍රී ලංකාවට මේ බැරෑරුම් අවස්ථාවේදි ඇමරිකා එක්සත් ජනපදය ලබාදුන් හදිසි මූල්‍ය ආධාර මහත් ශක්තියක් වූ බව එහිදී පැවසූ අග්‍රාමාත්‍යවරයා මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ සහ බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉදිරියටද සහාය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.
පෞද්ගලික අංශයේ සෘජු ආයෝජන වැඩි කරන ලෙසත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තාක්ෂණ හා මූල්‍ය සහාය ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඇමරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කළේය.
එසේම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධන කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරමින්ද ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරමින්ද පවත්වාගෙන යෑමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අභියෝග හමුවේ ඇමරිකා එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ශක්තිමත්ව ලබාදීමට අපේක්ෂා කරන බව තානාපතිවරිය පැවසුවාය.
සියලු පක්ෂ එකතු රජයක් නිර්මාණය කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ආයතන පද්ධතින්ගේ සහාය ලබා ගැනීමටත් ද්විපාර්ශික ආයෝජන වැඩි කරගැනීම සඳහාත් කවුළුවක් විවර වන බව තානාපතිවරිය සඳහන් කළාය.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය කිසිදු අයුරකින් ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාදාමයන් අනුමත නොකරන බවද ඇය කීවාය.
මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට විතරද ඒව කරන්න පුලුවන්. පොලිසියෙන් අර කලු ජතිකයෙක් මරුවෙ හුස්ම හිර කරල. තව කොච්චර කැත වැඩ තියෙනවඩ.
නිවට දේශපාලුවන් මේ රට පාලනය කරන කන් මේ වගේ එලුවෝ නිකට පානවා. මෙයාට තියෙන අයිතිය මොකක්ද මේ රටේ පාලනය ගැන උපදෙස් දෙන්න. වෙන වැඩක් නැද්ද. මේ දේශපාලුවන්ට වෙන වැඩක් නැද්ද මේ වගේ දේවල් වලට කාලය නාස්ති කරනවට වඩා. මේ බටහිර රටවල් ඩොලර් සොච්චමක් දීලා ඩොලර් කෝටියක මානව හිමිකම් ඉල්ලනවා, අමෙරිකාවෙ කලු මිනිසුන්ට එහෙ පොලිසිය සලකන හැටි දැක්කම බල්ලො බත් කන්නෙ නැහැ. අපිට වැදි බණ දෙසනවා.
අපේ රටේ ගීතයක් තියෙනවා නැගීසිටිය හැක එක්සත්වී බෙදීගියොත් රට යයි සුන්වී ......කියලා අපි නිදහස ගත්තෙ ඔක්කොමලා එක්සත්ව සිටි කාලයේ. නමුත් 1956 ඇතිකල ජාතිවාදය පක්ෂ වලට බෙදීම ආගම්වාදය නිසා රට විනාශ වුනා එහි ප්‍රතිඵලයක් ලෙසට ඇතිවූ අවුරුදු තිහක යුද්ධය, දැනටත් පවතින අනුන් පරයා රජවීමට ඕනම දහජරා වැඩක් කිරීම තමුන්ග නම් කෙටූ පුවරු සෑදීම ජනතා මුදලින් කල ව්‍යාපෘති වලට දේශපාලුවො නම් ගසාගැනීම කරන්නෙ මෙම බෙදීම නිසා. මෙනිසා දැන්වත් එක් එක් ආසන සදහා එම ප්‍රදේශයේ පදිංචි කෙනකු මංත්‍රී කර ජාතික ප්‍රතිපත්තියක් යටතේ රට පාලනය කලොත් (විදේශ ණයකින් කරන ව්‍යාපෘති ජනතා අනුමැතිය ඇතිව කිරීම ) රට හදන්න පුළුවන් වේවි.
සියලු පක්ෂ එකතු රජයක් නිර්මාණය කිරීමෙන් ආර්ථිකයට පමණක් නොව පාර්ලිමේන්තුව / ආණ්ඩුව තුළ කණ්ඩායම් හෝ බෙදීම් නොමැතිව ඇමති තනතුරු ලබා ශ්‍රී ලාංකිකයන් සේ සිතා කටයුතු කළ යුතුවේ.
වර්තමානයේ අප රටේ බහුතරයක් ජනතාව සිතන්නේ තමතමාගේ ආර්ථික දියුණුව පිළිබඳව පමණි. පිළිකා වැනි මාරාන්තික රෝගවලට හේතුවන විවිධ රසායනික ද්‍රව්‍ය යෙදූ බවබෝග තම සහෝදර රටවැසියන්ට අලෙවි කර මුදල් උපයන අය ඊට එක් නිදසුනකි. තමාගේ ජාතිය, ආගම, උපන් ප්‍රදේශය, ඉගෙනගත් පාසල, දේශපාලන පක්ෂය, වෘත්තීය සමිතිය ආදී වශයෙන් විවිධ පිල්වලට බෙදී පටු දෘෂ්ටියකින් කටයුතු කරන තාක්, ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීම හුදු සිහිනයක්ම වනු ඇත...