IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඇමෙරිකාව පැනවූ තීරු බද්ද 20% දක්වා අඩු කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)


ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා පැනවූ සියයට 30 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ඇත.

නව තීරු බද්ද එළැඹෙන 7 වැනිදා සිට බලාත්මකවීමට නියමිතය. තීරු බද්ද අඩු කිරීම සඳහා වන විධායක නියෝගයට ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(31) අත්සන් තැබූ බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

 "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය ප්‍රකාශයට පත්කළ මුල් අවස්ථාවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට යෝජනා වූ අතර එම අවස්ථාවේ හොඳ හිතින් සාකච්ඡා මේසයට පැමිණීම හේතුවෙන් එය පසුගිය 12 වැනිදා සියයට 30 දක්වා අඩු කෙරිණ.

 



අදහස් (15)

ඇමෙරිකාව පැනවූ තීරු බද්ද 20% දක්වා අඩු කරයි

පොඩිඑකා Friday, 01 August 2025 02:54 PM

යෝගා, රිංගපං මචං ඇද පල්ලටවත්...!

:       2       21

අන්_ර Friday, 01 August 2025 02:54 PM

මේක අඩු කරගන්න අපි ඇමෙරිකාවට පොරොන්දු වුණු දොලපිදේනි කන්දරාව රටේ මිනිස්සු දන්නවා නම්...?

:       24       9

Dasa PFriday, 01 August 2025 07:34 PM

අපිටත් දැනගන්න දාන්නකෝ...!

:       1       3

විපරමා Friday, 01 August 2025 03:10 PM

විපක්ෂයේ කෑගහපු අයට දැන් මොනවා හිතෙනවා ඇත්ද...?

:       2       23

සෙනෙවිරත්න Friday, 01 August 2025 03:12 PM

මේ ජයග්‍රහණය සමහරු හෑල්ලු කරාවි... හැබැයි මේක දිනාගත්තේ අපි ඇමරිකාවට මොකුත්ම නොදී, මොකද එහෙම දෙන්න දෙයක් නැති නිසා, අපි ඇමරිකාවෙන් බඩු ගෙන්වන්නේම නැති තරම්, සමහර රටවල් බදු අඩුකර ගත්තේ ඇමරිකන් බඩුවල තීරු බදු අඩු කරලා නැත්නම් විශාල මිලදී ගැනීම් වලට පොරොන්දු දීලා, ටෙලිෆෝන් කෝල්වලින් කරගන්න පුළුවන් කියපු අයට හිනාවෙනවා හැර වෙන මොනවා කියන්නද?

:       2       24

Rasika Friday, 01 August 2025 08:51 PM

ඔබ දන්නා තරම තමයි. මේ යටතේ MCC ගිවිසුමට සමාන ගිවිසුමක් අත්සන් කිරීමට එකඟ වී ඇත..!

:       5       0

සෙනෙවිරත්න Friday, 01 August 2025 03:13 PM

මේක අල්ලාගෙන රජයට ගහන්න හිටපු අයට අඬන්න තමයි වෙන්නේ...

:       3       18

අරවින්ද මොණරවිල Friday, 01 August 2025 03:41 PM

එක්කෙනෙක් කිව්වා ට්‍රම්ප්ට ටෙලිෆෝන් කෝල් එකක් දීලා බලන්න කියලා අනිකා කිව්වා බදු අඩු කරන්නේ නැත්නම් ණය ගෙවන්න බැහැ කියලා කියන්න කියලා...! අද ඇමරිකානු ආණ්ඩුව කළ ප්‍රකාශයෙන් අනාවරණය වෙන්නේ මේ අති පණ්ඩිතයින් රට පාලනය කෙරුවා නම් අපිට අබ සරණයි කියන එකයි...

:       2       16

ගුණරත්න Friday, 01 August 2025 03:53 PM

ඇෆ්ඝනිස්තානේ බද්ද 15% උන්නේ හොඳටම කරලා තියෙන්නේ. මෝඩ ජෙබයියෝ චූන් වෙලා ඉන්නවා. ඔවුන්ගේ මහා එකාලා ඉංග්‍රීසියෙන් දෙසලා බදු අඩු කරගෙනයි කියලා හිතලා...

:       16       2

ලලිත්Friday, 01 August 2025 04:50 PM

මෝඩ ගුණයට වෙන කියන්න දෙයක් ඇත්තෙම නැතෙයි...

:       1       10

රෆීක් ෆාරැක්Friday, 01 August 2025 05:34 PM

ගුණරත්න, ඔයා තමංගෙ රටට විපතක් වෙනවාට කැමති කෙනෙක්වගේ කමෙන්ට්ස් දාන්න එපා.

:       2       10

රියන්සිFriday, 01 August 2025 06:50 PM

හර්ෂ ද සිල්වාත් ප්‍රශංසා කරනවා, ගුණරත්න තප්පුලනවා.

:       2       10

sene Friday, 01 August 2025 04:03 PM

ඇයි රතු කොල අත් එකතුව වැරැදි විදියට?

:       0       0

Neel puspa kumara Friday, 01 August 2025 04:14 PM

මේ පෝස්ට් එකට බයියෝ පෝම් වුණාට අනිත් ආසියානු දුප්පත් රටවලට අපිට වැඩිය අඩුයි...

:       8       2

පොඩිඑකාFriday, 01 August 2025 08:50 PM

ඇත්තද පුප්පේ...?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 264 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site