
(ඉන්දිකා රාමනායක)
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා වන “ඩග්ලස් මුන්රෝ නෞකාව ශ්‍රි ලංකාව නාවික හමුදාවට නිළ වශයෙන් බාර දුන්නේය.
“ඩග්ලස් මුන්රෝ නෞකාව බාරදීම ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ “සියැට්ල්” වරායෙහි පිහිටි ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂරක කඳවුරේදී සිදු කෙරුණි.
මේ අවස්ථාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි.එන් ජයරත්න මහතා සහභාගී විය.
සාගර කාලාපයේ පොදු අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රී ලංකා නාවික නෞකා “සමුදුර” පි 621, සහ “ගජබාහු: පි 626 යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අතර එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව ලෙස මෙම “ඩග්ලස් මුන්රෝ” නෞකාව ලබා දීම හැන්වෙන බව නාවික හමුදාව කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට ගහපු කුණු ගොඩවල් ඔක්කොම ලංකාවට...!!!
ඇමරිකානුවන් භාවිතා කරන ලද , නමුත් චීන බ්‍රෑන්ඩ් නිව් නොවේ
ඕකත් කීයකට හරි චීනෙට විකුණලා දාන්න
චීනයේ අසුචි වලට වඩා මේක හොඳයි මේ නැව ගැන විස්තරයක් අන්තර්ජාලයේ ඇත. අප කුහක විය යුතු නැත.
මුළු ලෝකෙම අසුචි වලක්. ගඳ අඩු වැඩි වෙන්නේ අපේ ක්‍රියාකාරිත්වය අනුවයි.
පිනට දෙනවානම් ඕන එකක් බාරගනී.
එහමනම් රටේ තවත් කැල්ලක් ඇමරිකාවට. ඊළඟට ඉන්දියාව සහ චීන අපිට බෝට්ටුවක් හෝ ඔරුවක් දීලා තවත් කැල්ලක් අපෙන් ගනීවි.
උදේ හවස වැඩට ගිහින් තමන්ගේ ය බදු ගෙවලා ඒකෙන් තමන්ගේ රටටත් අනුන්ගේ රටවලටත් යහපතක් කරන ඇමරිකානු ජනතාවට ස්තුතියි වේවා .අපේ හත් මුතු පරම්පරාවම වික්කත් මේ වගේ දෙයක් ගන්න අපිට වත්කමක් නැහැ .(ඒක නෙමෙයි මේකට ගහන්න ඩීසල් තියනවද ?)
හරක් හමක් එල්ල ගන්නත් රටෙන් කෑල්ලක් දීපු අපිට නැවකට කෑල්ලක් දෙන එක මොකද්ද ?