(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණ දී සිටින රටවල ණය ගැටළුව විසඳීම සඳහා චීනයට අනිකුත් ණය හිමියන් සමඟ එක්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ඉන්දියාවේ බැංගලෝරයේ පැවති ජී20 සාමාජික රටවල හමුවකදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා ඉන්දියාව ගත් උත්සාහය පිළිබඳ තමන් ස්තුතිවන්ත වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය හමුවීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ජැනට් යෙලන් මහත්මිය පවසා තිබේ.
චීනය ශ්‍රී ලංකාවේ ණය වසර දෙකකට අත් හිටුවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා සහාය ලබා දෙන බව පැවැසුවත් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය යම් ප්‍රමාණයක් කපා හරින්නේදැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
MCC ගිවිසුම හරහා ලංකාවට පිනට දෙන්න හදපු ඩොලර් ටිකත් එපා කියලා දඟලලා, උඩ පැනගෙන ගෝඨාභයට ඡන්දෙත් දුන්නු මේ රටේ මෝඩයින්ට ඇමරිකාව මොනවට අනුකම්පා කරනවාද මන්දා? අනික, චීන්නුන්ට ඇමරිකන් කාරයින්ට වගේ පිස්සු නැහැ, මේ කොහේවත් ඉන්න හොර තක්කඩි මෝඩයින්ට පිනට සල්ලි දෙන්න. මොවුන් ලෝකෙන් හිඟාකෑවාට, ලංකාව ඇතුලේ ලොකු කෙරුමෝ කියලා හිතාගෙන ඉන්න බව, ඇමරිකන් කාරයින් තවම දන්නේ නැතිව ඇති...
අපි හැමදාම බනින්නේ ඇමරිකින්කාරයාට. දශක ගණනාවක් සිට අපි ඇමරිකන්කාරයාට බනිනව මෙහෙ වරාය අල්ලගන්න හදනවා ඇමෙරිකන් බේස් හදනවා කිය කියා. අන්තිමට ඇමරිකන් කාරයා අල්ලපු වරායක් නැහැ හදපු බේස් එකකුත් නැහැ. අන්තිමට වරාය අත්පත් කරගත්තේ චීනා. දැන් චීන අපිව ණය උගුලේ හිර කරගෙන ඉන්නවා. අපිව බේර ගන්න කටයුතු කරන්නේ ඇමරිකන්කාරය.ා රතු මල්ලිලාට සහ තුම්මුල්ලේ විමලේ වගේ ඊනියා දේශප්‍රේමීන්ට මේක පෙනෙන්නේ නැහැ.