IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඇමරිකාව චීනයෙන් කළ ඉල්ලීම

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණ දී සිටින රටවල ණය ගැටළුව විසඳීම සඳහා චීනයට අනිකුත් ණය හිමියන් සමඟ එක්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ඉන්දියාවේ බැංගලෝරයේ පැවති ජී20 සාමාජික රටවල හමුවකදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා ඉන්දියාව ගත් උත්සාහය පිළිබඳ තමන් ස්තුතිවන්ත වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය හමුවීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී  ජැනට් යෙලන් මහත්මිය පවසා තිබේ.

චීනය ශ්‍රී ලංකාවේ ණය වසර දෙකකට අත් හිටුවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා සහාය ලබා දෙන බව පැවැසුවත් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය යම් ප්‍රමාණයක් කපා හරින්නේදැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



අදහස් (3)

ඇමරිකාව චීනයෙන් කළ ඉල්ලීම

බද්රානි Thursday, 23 February 2023 08:10 PM

MCC ගිවිසුම හරහා ලංකාවට පිනට දෙන්න හදපු ඩොලර් ටිකත් එපා කියලා දඟලලා, උඩ පැනගෙන ගෝඨාභයට ඡන්දෙත් දුන්නු මේ රටේ මෝඩයින්ට ඇමරිකාව මොනවට අනුකම්පා කරනවාද මන්දා? අනික, චීන්නුන්ට ඇමරිකන් කාරයින්ට වගේ පිස්සු නැහැ, මේ කොහේවත් ඉන්න හොර තක්කඩි මෝඩයින්ට පිනට සල්ලි දෙන්න. මොවුන් ලෝකෙන් හිඟාකෑවාට, ලංකාව ඇතුලේ ලොකු කෙරුමෝ කියලා හිතාගෙන ඉන්න බව, ඇමරිකන් කාරයින් තවම දන්නේ නැතිව ඇති...

:       7       16

Ding DongSaturday, 25 February 2023 08:30 AM

දන්නා දෙයක් කතා කරපන් බන් නිකන් කුලියට කරන්නේ නැතුව

:       0       1

de silva Friday, 24 February 2023 08:46 PM

අපි හැමදාම බනින්නේ ඇමරිකින්කාරයාට. දශක ගණනාවක් සිට අපි ඇමරිකන්කාරයාට බනිනව මෙහෙ වරාය අල්ලගන්න හදනවා ඇමෙරිකන් බේස් හදනවා කිය කියා. අන්තිමට ඇමරිකන් කාරයා අල්ලපු වරායක් නැහැ හදපු බේස් එකකුත් නැහැ. අන්තිමට වරාය අත්පත් කරගත්තේ චීනා. දැන් චීන අපිව ණය උගුලේ හිර කරගෙන ඉන්නවා. අපිව බේර ගන්න කටයුතු කරන්නේ ඇමරිකන්කාරය.ා රතු මල්ලිලාට සහ තුම්මුල්ලේ විමලේ වගේ ඊනියා දේශප්‍රේමීන්ට මේක පෙනෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 403 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 564 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 232 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site