








ශ්රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද (12) කොළඹ වරායට සේන්දු විය.
එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) රෝහිත අබේසිංහ කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ නාවිකයින් 111 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වී සිටියහ.
තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකානු හමුදාව යන්නේ කොතැනටද එතන යුද්ධ.. අනේ මගේ රටට වෙන්නේ මොකක්ද? මේ හමුදා ගේන්න මේ දේශපාලකයින්ට පිස්සුද?
නිමල් මහත්තයෝ ඔයා මෝඩයිනේ.. පළමුව ප්‍රවෘත්තිය කියවන්න. පසුව කමෙන්ට් කරන්න.
පත්තර කියවන්නෝද..? නැත්තම්.. තක්කු.. මුක්කු වෙච්ච " පොහොට්ටුවෝද?
බලන්න ඕක යට සෙන්සර්ස් අටවලද කියලා...
ඉස්ලාම් ත්‍රස්තවාදය ලෝකයේ ගොඩ නැගුවේ ව්‍යාප්ත කලේ ඇමෙරිකාවයි. තම ජාතික ආර්ථික උවමනා සඳහා ලෝකය පුරා ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කර අවි විකිණීම, තෙල් සම්පත් තම රටේ කොම්පැනි ලවා සොරා කෑම කරන්නේ ඇමෙරිකාව. මේ තත්වය ලාංකික අප තේරුම් නොගත්තොත් යලිත් අප රට යුද බිමක් වේවි. අපේ යුදබිමට කොන්දේසි දමා ආයුධ ගන්න මුදල් දේවි. ත්‍රිකුණාමලයේ ඇමෙරිකානු යුධ කඳවූරක් හදා ගැනීම ඇමෙරිකාවේ එක උවමනාවක්. චීන බලය ඉන්දියන් සාගරයෙන් සහ ලංකාවෙන් තුරන් කිරීම ඇමෙරිකාවේ තව අරමුණක්. ඇමෙරිකාව ලංකර ගත්තොත් මේ විනාසය අපේ අත ළඟ. ලංකාව සිරියාවක් ,යේමනයක්, ඇෆ්ගනිස්ථානයක් , කරාවි.
මේක සෑහෙන්න ඉතිහාසයක් තියෙන නැවක්... ඇමරිකන් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේක සේවයෙන් විශ්‍රාම ගැන්වූවායින් පසු ලංකාවට දුන්නා. මෙ නැවේ නාවිකයන් 170කට ආසන්න ප්‍රමාණයක් සේවයේ නියුතු වනවා. අධිබලැති ඩීසල් එන්ජින් 2ක් සහ ගෑස් ටර්බයින් 2කින් මෙම නැව සන්නන්ධ වන අතර එක දිගට දින 45ක් මුහුදේ රාජකාරි කළ හැකියි. ඇමරිකාව සතු නාවික ශක්තිය එක්ක බලද්දී මේක ඩිංගි බෝට්ටුවක්. හැබැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම සහ හෙළිකොප්ටර් ගොඩබා හැකි නැව මෙයයි.
මෙය 1968 වර්ෂයෙ සිට අමෙරිකානු නාවික හමුදාවට සේවය කල වසර 50ක් පැරණි නැවකි. නමුත් ලංකාවට තිබෙන විශාලතම නැව මෙය වේ.
මේ සමහරක් ප්‍රතිචාර දිහා බැලුවම අපේ මිනිස්සු කොතෙක් දුරට ප්‍රවෘත්තියක් මුල සිට අගට කියවනවද? බලනවද? කියන එක ප්‍රශ්නයක්. ඔහේ උඩින් පල්ලෙන් කියවලා කුණුහරුප ලියනවා. කනට ඇසට ගැටෙන දේ ක්ෂණිකව දුටු පමණින් වැරදි මත ගොඩනගන්න මේ සමහරක් අය කටයුතු කරනවා.
ඇමෙරිකානු යුද්ධ නැවක අණ දෙන නිලධාරියා සිංහල වුනේ කොහොමද රසිත... ?
ඉසුරන්දී ඔබ ලංකාවේ පත්තර වල පමණක් නොවෙයි, ලෝකය පුරා සිදුවන්නේ මොනවාදැයි විචක්සන බුද්ධයෙන් බලන්න. ලෝක පුවත් ගවේශණය කරන්න. එවිට ඔබේ නැණස පුළුල් වේවි. දැනටමත් ඇමරිකාව ලංකාවේ වැඩ අල්ලා හමාරයි. ඉතුරු ටික පස්සට බලාගන්න පුළුවන්.
වඩාත් වැදගත් වන්නේ අපේ ආරක්ෂක උපක්‍රම, නිලධාරීන්ගේ සාකච්ඡා, රෙකෝඩ් කළ හැකි සහ අපේ තොරතුරු වලට රිංගා ගැනීමට හැකි උපකරණ කීයක් මේකේ සවි කර තිබෙනවා දැයි සොයාබැලීමයි.