
උතුරු ඇමෙරිකාවට ආවේණික වර්ජිනියා මුව වර්ගයට අයත් මුවකුට කෝවිඞ් ඔමික්‍රෝන් ප‍්‍රභේදය වැලඳී ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරින් වාර්තා වෙයි.
සත්වයකුට ඔමික්‍රොන් ප‍්‍රභේදය වැලඳී ඇති බවට හඳුනා ගත් ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.
මෙම සොයාගැනීම වර්ජිනියා මුව වර්ගයට අයත් මුවන්ට ඉක්මණින් කොරෝනා වයිරසය බෝවන බවට හොඳ සාක්ෂියක් වී ඇත.
මිනිසුන් සමීපයේ ජීවත් වන මුවෝ ඔමික්‍රොන් රෝග වාහකයෝ විය හැකි බව පර්යේෂකයෝ පැවසූහ.
මෙසේ මුවන්ගෙන් මුවන්ට වයිරසය බෝ වී දීර්ඝ කාලයක් මුවන් තුල වයිරසය තිබීමෙන් අලූත් විකෘති නිර්මාණය විය හැකි බව පර්යේෂකයෝ අනතුරු ඇඟ වූහ.
විමුක්ති එස් රුද්‍රිගු - ටයිම්ස් ඔෆ් ඉන්දියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd