
විමුක්ති එස්. රුද්‍රිගු
ඇමෙරිකානු - ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා වන කරුණු 14කින් යුත් මූලික අවබෝධතා ගිවිසුමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් නිල වශයෙන් ඉලෙක්ට්‍රොනිකව අත්සන් තැබූ බවත් අවබෝධතා ගිවිසුම නිල වශයෙන් බලාත්මක බවත් ධවල මන්දිරය, ඉරානය සහ පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් තහවුරු කළේය.
ජී7 සමුළුවට සහභාගී සිටින ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රංශයේදී මූලික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බවත් ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් තෙහෙරානයේ දී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බවත් පැවැසෙයි.
ඇමෙරිකානු ජනපතිවරයා සහ ඉරාන ජනපතිවරයා ඉලෙක්ට්‍රොනිකව මූලික අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති බැවින් අද (19) ඒ සඳහා නිල උත්සවයක් පැවැත්වීම අනවශ්‍ය බව ද ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි ප්‍රකාශ කළේය. ඉරානය සහ ඇමෙරිකාව අත්සන් කළ මූලික අවබෝධතා ගිවිසුමේ පළමු කරුණ යටතේ වර්තමාන මැද පෙරදිග අර්බුදයට හේතුවූ සියලුම යුද මෙහෙයුම් වහාම අත් හිටවනු ඇති අතර එයට ඊශ්‍රායලය ලෙබනනයේ සිදුකෙරෙන හමුදා මෙහෙයුම් ද ඇතුළත්ය. අනාගතයේ දී කිසිදු පාර්ශවයකට එරෙහිව නව පහරදීමක් සිදු කිරීම හෝ හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීම නොකළ යුතු බව ද එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ගෙ පුතා යුද්ද හමුදාවට බැඳිලා ගෙදර ඉඳගෙන දිරිමත් කරපු නිසා තමයි යුද්දෙ ඉවර උනේ. දැන් ට්‍රම්ප් මුලු රටටම මොනව කෙරුවත් කමක් නෑ.