(නිමන්ති රණසිංහ)
ඇමරිකා ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වූ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී අදට (11) වසර විස්සකි.
ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කළේ ඉකුත් 2011 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වැනිදා එරට වේලාවෙන් උදෑසන 8. 46 ටය.
අල්කයිඩා ත්‍රස්ත සංවිධානය පැහැර ගත් පළමු ගුවන් යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණටත්, අනෙක් ගුවන් යානය දකුණු කුළුණටත් සහ ඇමරිකාවේ ආරක්ෂිත ගොඩනැගිල්ල වන පෙන්ටගනයට තවත් ගුවන් යානයක් ගැටීමට සැලැස්වීමෙන් මෙම ප්‍රහාරය සිදු විය.
මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් 3000 කට ආසන්න පිරිසක් මරණයට පත් ව, 25,000 කට අධික ජනතාවක් තුවාල ලැබූ බවට ද වාර්තා විය.
එමෙන්ම මෙම අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඇමරිකාවට ඩොලර් බිලියන 10 ක දේපළ හානියක් සිදු වූ බව ද සඳහන් විය.
පසුව ඇමරිකාව අල්කයිඩා සංවිධානයට එරෙහිව මෙහෙයුම් අරඹමින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළද, මෙම ප්‍රහාරයෙන් වසර දහයකට පමණ පසු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇමෙරිකානු සීල් හමුදාව විසින් ඝාතනය කරනු ලැබීය.
මේ අතර, වසර විස්සක යුද්දයකින් පසු ඇමරිකානු හමුදාව ඉකුත් තිස් වැනිදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමද විශේෂයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රහාරය ගැන හැම අවුරුද්දකම සිහිකරනවා ඇත. ඇමෙරිකානු න්‍යෂ්ටික බෝම්බවලින් මියගිය ලක්ෂගණන් ජපන් ජාතිකයින් අපි සිහි කරන්නේ කවද්ද?
ඉස්ලාමය සාමයේ ආගමයි .ලෝක සාමය ඇති කල හැක්කේ ඉස්ලාමයට පමණයි .
එදා මේ කුලුනේ අපේ දරුවෙක් ,අපි හිටියනම් ?අපේ සමාජේ ගෑනුන්ට විහිලුවට වගේ කියන දෙයක් තමයි ඔහෙලනම් ලබන ආත්මේ අරාබියේ උපදින්නේ ඇෆ්ගනිස්ථානයේ උපදින්න ඕනේ ,අඩුතරමින් ක්‍රීඩාවක් කරන්න බෑ
මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සදහටම අමතක වෙන්නේ නැහැ. ඉතාම කනගාටුදායක දෙය නම් ආගමක නාමයෙන් මෙය කරපු එකයි.
ඇමරිකානුවෝ තවමත් ත්‍රස්තවාදීන්ව හුරතල් කරනවා. අපිත් එහෙම කරනවා
ඇමරිකන්කාරයෝ මහාමොළ කාරයාව හොයන්නේ නැද්ද? එච්චර මෝඩ නැහැ. ඒ ගොල්ලෝ දන්නවා මහමොල කාරයා මැරිලා අවුරුදු 1400 වැඩියි කියලා.